කොටස් වෙළෙඳ පොළ ඩිජිටල්කරණය දෙවන අදියර ඇරඹෙයි

(හේමන්ත තුසිත කුමාර) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ. ඩිජිටල්කරණය වීමෙන් පසුව ආයෝජකයන්ට ලෝකයේ…
(හේමන්ත තුසිත කුමාර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොටස් වෙළෙඳපොළ ඩිජිටල්කරණය කිරීමේ දෙවන අදියර පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.
ඩිජිටල්කරණය වීමෙන් පසුව ආයෝජකයන්ට ලෝකයේ ඕනෑම තැනක සිට ඉංග්‍රීසී සිංහල දෙමළ යන භාෂාවන්ගෙන් ගනුදෙනු කළ හැකි වේ. ඊට අමතරව මාසික ප්‍රකාශන ලබාගැනීම, තොරතුරු හුවමාරු කිරීම හා තොරතුරු වෙනස් කිරීම මෙන්ම දේශීය සමාගම්වලට ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව ද හිමි වේ.
ඩිජිටල්කරණයේ පළමු අදියර පසුගිය වසරේ සැප්තැම්බර් මස ආරම්භ වූ අතර ආයෝජකයන්ගේ කොටස් ගනුදෙනු ක්ෂණිකව තහවුරු කිරීම, සාංගමික ක්‍රියාකාරකම් පිළිබඳ ආයෝජකයා දැනුවත් කිරීම හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිකර දීම එහි අරමුණ විය.
කොටස් වෙළෙඳපොළ පාලන අධිකාරිය පෙන්වා දෙන්නේ ඩිජිටල්කරණය හඳුන්වා දීමත් සමග නව ආයෝජකයන් 65000ක් ඉක්මවමින්, නව මධ්‍යම තැන්පතු ක්‍රම (CDS) ගිණුම් 17,000ක් විවෘත කෙරුණු බවයි.
මෙම අවස්ථාවට එක් වූ ය අතර ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, කොළඹ කොටස් හුවමාරුවේ සභාපති දුමිත් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකු ද විය.