කොටස් වෙළෙඳපොළ වසරේ ඉහළම තැනට පැමිණෙයි

හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් සඳුදා (18) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වුනු අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ…
හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා දිවුරුම් දුන් සඳුදා (18) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක් වාර්තා වුනු අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 106.54 කින් ඉහළ ගොස් ඒකක 6,129.56 ක් ලෙසින් සටහන් වී ඇත්තේ පූර්ව ගනුදෙනු දිනයට (15) සාපේක්ෂව 1.77%ක ඉමළ යාමක් වාර්තා කරමින් වේ.
මේ අතර S&P SL20 දර්ශකය ද ඒකක 68.56 ක ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 3,055.08 ක් ලෙසින් සටහන් වී ඇති අතර දිනය තුළ රුපියල් බිලියන 2.41 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි.
2019 වසර තුළ දී මෙතෙක් වාර්තා වී තිබුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,067.66 ක් වූ අතර අද දිනයේ දී එම සීමාව ඉක්මවා යාම ද සුවිශේෂී සිදුවීමක් විය.
දැන්වීම
අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනය සඳහා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොලම්බු කෝල්ඩ් ස්ටෝර්ස්, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, කොමර්ෂල් බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී ඇත.
මේ අතර දිනයේ වැඩිම කොටස් පරිමාවක් ගනුදෙනු වූ සමාගම ලෙස ඇක්සස් ඉංජිනියරින්ග් පීඑල්සී හි කොටස් මිලියන 15.4 ක ප්‍රමාණයක් දිනය තුළ ගනුදෙනු වී තිබුණු අතර සියෙරා කේබල්ස් සමාගමේ කොටස් මිලියන 10 ක්ද දිනය තුළ ගනුදෙනු වී තිබුණි.