කොටස් වෙළඳ පොළත් පසු බසී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි. රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට…
(නිලන්ති චන්ද්‍රසේන)
පසුගිය වසරේ මුල් මාස 05ට සාපේක්ෂව මෙරට කොටස් වෙළෙඳපොළ ඒකක 6398ක් 4.1%කින් පහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳව වසර මැද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යංශය මේ බව පෙන්වා දෙයි.
මෙයට හේතූන් වශයෙන් රුපියල අවප්‍රමාණය වීම, ආර්ථිකය තුළ පැවති මන්දගාමීත්වය හා කොළඹ කොටස් වෙළෙඳපොළ තුළින් විදේශීය ආයෝජකයින් පිරිසක් ඉවත් වී යාම වැනි කරුණු බලපෑ බවද පෙන්වා දිය හැකි බව එම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටි.
තවද මීට සමගාමීව එස් හා පී.එස්.එල්. 20 දර්ශකය මේ වසරේ මැයි අග වන විට 6.6%කින් පහත වැටී ඇති බව මුදල් අමාත්‍යංශ නිකුත් කළ වාර්තාවේ සඳහන්වේ.
මේ වසරේ මුල් මාස 6 තුළ මෙරට ආර්ථික වර්ධනය සටහන් වන්නේ 3.8%ක් ලෙස ය.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 7.3%ක්ව පැවති උද්ධමනය මේ වසරේ 5.4%ක් දක්වා පහළ ගොස් ඇති බව පෙන්වා දෙන අතර බදු ආදායම් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ආදායම් බදු අදායම රුපියල් මිලියන 38620 ක් දක්වා 11.4%කින් ද එකතු කළ අගය මත බදු ආදායම 4.5%කින් ද, නිෂ්පාදන බදු ආදායම 9.7%කින් ද වැඩි වී තිබේ.
තවද අදාළ කාලය තුළ ජාතිය ගොඩ නැගීමේ බදු ආදායමේ වර්ධනය සටහන් වනනේ 7.2%ක් ලෙස ය.
මේ කෙසේ වෙතත් ආනායන බදු ආදායම 38.1%කින් අඩු වී ඇති බවද එම වාර්තාවේ පෙන්වා දී ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1