අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ වරදකරුට මරණ දඩුවම

කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ වරදකරුට මරණ දඩුවම

2012 වසරේ ජනවාරි මස 31 වැනි දින හෝ ඊට අසන්න දිනයක, රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසක දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට…

2012 වසරේ ජනවාරි  මස 31 වැනි දින හෝ ඊට අසන්න දිනයක, රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසක දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට අසල්වැසි නිවසේ පදිංචිව සිටි විත්තිකරු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහුට  අඟහරුවාදා (15)  මරණීය දඬුවම නියම කළේය.

වසර 5ක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුවට අදාලව ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවූ අතර පරිවේශණීය සාක්කි මත පමණක් පදනම් වන මෙම නඩුවේ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් කිසිඳු සැකයකින් තොරව විත්තිකරුට එරෙහිව චෝදනා ඔප්පු කර ඔප්පු කර ඇති බවය.

චෝදනාවන්ට වරදකරු වීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ මෙම සිද්ධියට අදාළව වසර 7 හමාරක පමණ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ පසුවු රත්නපුර කොටකෙතන මරණකාරිනියන්ගේ අසල්වැසි නිවසේ පදිංචිව සිටි ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාටය.

දැන්වීම

මෙලෙස ඝාතනයට ලක්ර වුයේ ත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ පදිංචි  නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නමැති මව සහ දියණිය  වන අතර විත්තිකරුට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මෙහිදී විනිසුරුවරයා මරණීය දණ්ඩනය ප්‍රකාශ නොකිරීමට හේතු තිබේ නම් දැනුම් දෙන ලෙස විත්තිකරුට දන්වා සිටියේය. ඊට පිළිතුරු දෙමින් විත්තිකරු විත්තිකූඩුවේ සිට ප්‍රකාශ කර සිටියේ තමන් මෙම මරණ වලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවත් මෙය සී.අයි.ඩිය විසින් ගොතන ලද නඩුවක් බවයි. ඉන් අනතුරුව විත්තිකරුට එරෙහිව විනිසුරුවරයා විසින් මරණීය දණ්ඩනය ප්‍රකාශයට පත් කරන ලදී.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මහේෂිකා සිල්වා මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ වරදකරුට මරණ දඩුවම | Lanka Newsweek