කෙහෙළියත් හිත හදා ගනී-වෙන අතක් බලා ගනී..!

විෂය භාර අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කිරීමට නොහැකි වුණොත් වෙන අතක් බලා ගන්නවා යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය. ජාතික…
විෂය භාර අමාත්‍යවරයා ලෙස නිවැරදි දේ කිරීමට නොහැකි වුණොත් වෙන අතක් බලා ගන්නවා යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ දී තමා සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගැටුමක් සිදු නොවූ බව ද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
පනතට අනුව එහි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පත් කිරීමේ බලය විෂය භාර අමාත්‍යවරයා ලෙස තමාට පැවරී ඇති බව ද, අදාළ නිලධාරියාට පත් කිරීමේ ලිපිය අත්සන් කර භාර දුන්නේ සිය අත්සනින් බවද කියා සිටී කෙහෙළිය රඹුක්වැල්ල මහතා එහිදී මෙසේ ද පැවැසීය.
දැන්වීම
"එම පුරප්පාඩුව ඇති වූ අවස්ථාවේදී කැඳවීම් වගයක් කරලා තිබුණා. යම්කිසි විදියේ තෝරා ගැනීමක් තාවකාලිකවඉදිරි පත් වුණා. ඒ තෝරා ගැනීම විශ්ලේෂණය කළ විට ඒ වෙලාවේ ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරලා ඒ සුදුසුයි කියන නිලධාරියාගේ සුදුසුකම්වල යම්කිසි විදියක අඩුවක් පෙන්නුම් කළාට පසුව මේ ප්‍රශ්නය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ මම දීර්ඝව සාකච්ඡා කරලා එකඟතාවයකට ඇවිත් අදාළ සුදුසුකම් සියල්ල තිබෙන පුද්ගලයෙකුපත් කිරීමට අපි තීන්දු කළා.
ඒ විෂය සම්බන්ධව යම් යම් සුදුසුකම් තිබෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මණ්ඩලය සහ ඇමතිවරයාගේ එකඟතාවයත් ඇතිව පත් කිරීමයි එහි තියෙන්නේ. එහි සඳහන් වෙනවා කෙසේ වෙතත් ඇමතිවරයා දෙන නියෝගය ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැදී සිටිනවා කියලා. යම් පරස්පරයක් තිබුණා. ඒක මම නතර කළා"