අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්‍රණකාරී බලු පොරය ඇරඹිලා

කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්‍රණකාරී බලු පොරය ඇරඹිලා

මේ බලු කුමන්ත්‍රණ රට-ජනතාව වෙනුවෙන් ද..? "සක්විති රජකම දෙනවා කිව්වත් හොරුන් එක්ක මගේ Deal නැහැ" ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයේත් පාසල්වල හරිහමන් පරිගණක නැහැ "මම ජනතා සේවය ඉගෙන ගත්තේ…

මේ බලු කුමන්ත්‍රණ රට-ජනතාව වෙනුවෙන් ද..? 

"සක්විති රජකම දෙනවා කිව්වත් හොරුන් එක්ක මගේ Deal නැහැ" 

ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයේත් පාසල්වල හරිහමන් පරිගණක නැහැ

"මම ජනතා සේවය ඉගෙන ගත්තේ හම්බන්තොටින්"

ක්‍රම වෙනස ආරම්භ කළේ සජබයයි  

සමාජ සාධාරණත්වය ගැන කතා කරන සමාජවාදීන්ගේ කෙරුවාව මෙන්න

ප්‍රචණ්ඩත්වය කවුරු කළත් වැරදියි

මට "Pad-Man" කිව්වත් ඒ අරගලය යම් තරමකින් ජය ගත්තා

කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්‍රණකාරී බලු පොරය ඇරඹිලා

කෙසේ හෝ බලය ලබා ගැනීම සඳහා රටේ දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන විට බලු පොරයක් ද, විවිධ තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා ගැනීම සඳහා කුමන්ත්‍රණ රැසක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.

බලය, තනතුරු, වරදාන සහ වරප්‍රසාද ලබා ගැනීම සඳහා මේ කුමන්ත්‍රණ සිදු කිරීමට ඇති කෑදරකම රටේ අධ්‍යාපනය ගොඩගැනීමට නොමැති බවත් මේ සෑම කුමන්ත්‍රණයක්ම ක්‍රියාත්මක කරන්නේ බලය ලබා ගැනීමට සහ තනතුරුවලට ඇති ආශාව නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. 

දැන්වීම

තමා හොරු සමඟ එකතු වී ජනාධිපතිකම ලබා ගත්තේ නම් තමාට ද හොරු රකින්න සිදු වන බවත් එහෙත් තමා එවැනි බල ලෝභී කුමන්ත්‍රණ සිදු නොකළ නිසා හොරු රකින්න සිදු නොවූ බවත් අදටත් පාස්කු ප්‍රහාරයේ නිවැරදි සත්‍ය හෙළිදරව් වී නොමැත්තේ ගජ මිතුරන් රකින්න අන්ත දූෂිත පාලකයින්ට සිදුව තිබෙන නිසා බවත් මේ ගැන කාදිනල් හිමිපාණන් පවා ප්‍රකාශයක් සිදු කර ඇති බවත් මෙවැනි බල තණ්හාවන් නිසා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව පයට පෑ ගෙන දූවිලි තරම්වත් වටිනාකමක් නොමැති වී අමතක කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.

මේ පාලකයින්ට හොරුන් සහ මැරයින් සමඟ ගජ මිතුරුකම් තිබුණාට තමාට ගජ මිතුරුකම් ඇත්තේ රටේ ලක්ෂ 220 ජනතාව සමඟ බවත් සක්විති රජකම දුන්නත් කූඨ සහ අන්ත දූෂිත දේශපාලන කුමන්ත්‍රණ තමා සිදු නොකරන අතර තමා "Deal" කරන්නේ ලක්ෂ 220ක් වූ පොදු ජනතාව සමඟ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 161 වැනි අදියර යටතේ හම්බන්තොට, මුල්කිරිගල, වීරකැටිය, මීගස්ආර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද එහිදී පරිත්‍යාග කෙරිණ. 

රට පාලනය කළ වලව්වක් සිටින, ඥාති පවුල් පිරිසක් සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වලට සුහුරු පන්ති කාමර තබා පරිගණක පවා නොමැති බවත් එම පවුල්වල දූ දරුවන් යන්නේ සම්පත් හිඟයක් නොමැති ප්‍රභූ පාසල්වලට බවත් මේ තොරතුරු දකින විට මේ ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයක් නේද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

1994 දී තමා දිස්ත්‍රික් සංවිධායකකමින් දේශපාලනය ආරම්භ කර 2000 සිට 2020 දක්වා වසර 20ක් ජනතා සේවය කියන පුහුණුව ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බවත් හිටපු ජනාධිපතිවරයෙකුගේ සහ අගමැතිවරයකුගේ පුතකු ලෙස තමා කයිවාරුවෙන් ක්‍රමය වෙනස් කළ නොහැකි බව අවබෝධ කර ගත් නිසා එම ක්‍රම වෙනස ප්‍රායෝගිකව සිදු කිරීමට තීරණය කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

ක්‍රමයේ වෙනස ආරම්භ කළේ සමගි ජන බලවේගය බවත් ප්‍රාථමික, ද්විතීය, පෙර පාසල් සහ තෘතීයික අධ්‍යාපන පද්ධතිය රජයේ මුදලින් පමණක් දියුණු කළ නොහැකි නිසා ඒ සඳහා නව ක්‍රම සහ විධි නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් තමා සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සිය ඡන්ද මල්ල පුරවා ගැනීම සඳහා සමහර අන්තවාදී නායකයින් සිංහල පමණයි කියමින් යන විට ඇතැම් අන්තවාදී නායකයින් දමිළ පමණයි කියමින් යන බවත් මේ නිසා හතළිස් එක් ලක්ෂයක් පාසල් දූදරුවන් අනාථ වී ඇති බවත් මේ ගැන කියන විට තමා විජාතික යැයි කියා කිව හැකි බවත් අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කරන විට දූ දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් පාරට බැස්ස විය හැකි නමුත් මේ නායකයින් දන්නේ පාසල් ගිනි තැබීමට පමණක් බවත් අධ්‍යාපන විප්ලවයට විරුද්ධ වන්නේ අන්ත කොමියුනිස්ට්වාදීන් සහ අන්ත සමාජවාදීන් බවත් සමාජ සාධාරණත්වය ගැන කතා කරන මෙම අන්ත සමාජවාදීන්ගේ දූ දරුවන් යන්නේ පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාවලට බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මොවුන්ගේ දූ දරුවන් පෞද්ගලික පාසල් සහ පෞද්ගලික විශ්ව විද්‍යාවල ඉගෙන ගන්නා විට රජයේ පාසල් සහ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා දූ දරුවන් සිය පක්ෂයේ සටන් පාඨ මහා මඟ කිය වීමට යොදා ගන්නා බවත් මෙම ක්‍රියාකලාපය අන්ත කුහක සිතුවිල්ලක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

අරගල කාලයේ විවිධ පුද්ගලයන්ගේ ගෙවල් පවා පිළිස්සූ බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට, ජනතා විමුක්ති පෙරමුණට, එක්සත් ජාතික පක්ෂයට හෝ සමගි ජන බලවේගයට වුවත් ගෙවල් පිළිස්සීමට අයිතියක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

2019 ජනාධිපතිවරණයේ දී කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු ගැන කතා කරද්දි, තමාට අපහාස කරමින් "Pad-Man" කියා නම් දැමුවත් ස්කොට්ලන්තය සියලුම කාන්තාවන්ටත් නවසීලන්තයේ පාසල් දැරියන්ටත් එම පහසුකම් ලබා දෙන බවත් තමාට කොතරම් බැන්නත් ඒවා නොසලකා මේ වෙනුවෙන් හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස තෝරා ගත් දැරියන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 161 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1761ක් වැය කර තිබේ.

කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්‍රණකාරී බලු පොරය ඇරඹිලා

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
කෙසේ හෝ බලය ගැනීමේ කුමන්ත්‍රණකාරී බලු පොරය ඇරඹිලා | Lanka Newsweek