කෘෂි රසායන සහ රසායනික පොහොර ගෙන්වීමට අවසර

පෞද්ගලික අංශයට රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනය කිරීම සඳහා බදාදා(24) සිට අවසර හිමිව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට…
පෞද්ගලික අංශයට රසායනික පොහොර, පළිබෝධනාශක සහ දිලීරනාශක ආනයනය කිරීම සඳහා බදාදා(24) සිට අවසර හිමිව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේ ද පැවසීය.
"අප කවුරුත් 2021 අප්‍රේල් 26 වනදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා හරිත කෘෂිකර්මාන්තයක් කරා යොමු කිරීමට ඒ අනුව එම කැබිනට් තීන්දුවට අනුව රසායනික පොහොර ඒ වාගේම පළිබෝධනාශක ඒ වාගේම දිලීරනාශක සහ වල්නාශක සම්පුර්ණයෙන් ආනයනය තහනම් කිරීම සඳහා ගැසට් පත්‍රයක් ඒ සමගම නිකුත් කළා. අද වෙනකොට පුරා මාස 7කට දින දෙකක් අඩුයි මේ වෙනකොට මේ තීන්දුව අරගෙන. ඒ සියලු අභියෝග හමුවේ මේ පරිසර හිතකාමි කෘෂිකර්මයට ගොවීන් මේ මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8ක් තිබුණත් අද වෙන කොට 650,000ක් ගොවිබිමේ වැඩකටයුතු ආරම්භ කරලා තියෙනවා. නමුත් ජනතාවට සංවේදි ආණ්ඩුවක් හැටියට අපි ඊයේ තීන්දු කළා අප්‍රේල් මාසේ 26 වනදා ගැසට් කරන ලද අද දින සිට ඉවත්කර ගත්තා. ඒ අනුව අද දින සිට රසායනික පොහොර, පළිබෝධනාශක අවස්ථාව ලැබෙනවා. හැබැයි රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ. පෞද්ගලික අංශයට රසායනික පොහොර ආනයනය කරලා විකුණන්න අවස්ථාව ලැබෙනවා."