කෘෂි අර්බුදයට විසඳුම් දෙන්න විශේෂඥයින් සාකච්ඡාවක් ඉල්ලයි

දැනට රටේ මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යොමු කර…
දැනට රටේ මතුව ඇති පොහොර අර්බුදය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට විශ්වවිද්‍යාල කෘෂි පීඨවල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දෙන්නැයි ඉල්ලා ලිපියක් යොමු කර ඇත. එම ලිපියට ආචාර්ය හා මහාචාර්යවරුන් සංඛ්‍යාව 141 ක් දෙනෙකු අත්සන් තබා ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා මගින් ජනාධිපතිවරයා වෙත එම ලිපිය යොමු කර ඇත.
රට දැනට මුහුණු දෙමින් සිටින කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ඇති වී තිබෙන ගැටලු විසඳීමට සහ රජය විසින් යෝජිත හරිත කෘෂිකර්මික දැක්මට අනුව ක්‍රියාත්මක කළ හැකි නව වැඩපිළිවෙළක් රජයට යෝජනා කිරීමටත් තමන් කැමති බව ඔවුන් එම ලිපියෙන් පෙන්වා දී ඇත.