අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාව මේ ආණ්ඩුවට නැහැ

කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාව මේ ආණ්ඩුවට නැහැ

දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

දේශප්‍රේමය ගැන, ස්වෛරී රටක් ගැන, මාතෘ භූමිය ගැන පේටන්ට් බලපත්‍ර ලියාගෙන සිටි ආණ්ඩුව අද අසූචි පොහොර නැවක් ලඟ දණින් වැටී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉරිදා (24) ලුණුගම්වෙහෙර පැවති ගොවි හද ගැස්ම වැඩසටහනට සහ ගොවි උද්ඝෝෂණයට එක් වෙමින් මේ බව පැවසීය. එම ප්‍රදේශයේ ගොවිජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා මෙසේ ද පැවසීය. 

දේශප්‍රේමය ගැන පුරසාරම් දෙඩූ වීරයන් මේ වන විට සැඟවිලා. කොමිස් කුට්ටි වලට මුළු රටම පාවා දෙමින් ජීවිත සමඟ සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටිනවා.

දැන්වීම

පරීක්ෂණ රැසකින් අසමත්වූ පොහොර නැව නැවතත් ගෙන්වා මේ රටේ ගොවි ජනතාවට ලබාදීම සඳහා ආණ්ඩුව අතිශය පහත් උත්සාහයක යෙදෙනවා. පොහොරවල ගුණාත්මක භාවය පිළිබඳව අපක්ෂපාතිව පර්යේෂණ කරන ආයතන වලට ටියුෂන් දෙන්නට විෂය භාර ඇමතිවරයා කටයුතු කරමින් සිටිනවා. 

විද්‍යාඥයින්ගේ, විශේෂඥයින්ගේ විමසීමකින් තොරව තමන්ගේ හිතු මනාපයට තීන්දු ගෙන ප්‍රමිතියකින් තොර බාල පොහොර ආනයනය කරමින් ආණ්ඩුව විසින් සිදු කොට ඇති වරද සුළු පටු නොවෙයි. අදාල පොහොර සම්බන්ධව අපේ රටේ පර්යේෂණ ආයතනය කරන ලද පරීක්ෂණයෙන් පසු ලැබුණු ප්‍රතිඵලය පවා කෘෂිකර්ම අමාත්‍යවරයා හාස්‍යයට ලක්කරමින් සිටිනවා.

අදාල ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන බලපෑම සමස්ත පරිසරයටම අදාළයි. මේවා පිළිබඳව මායිම් නොකරන බලවතුන් කවුද? චීන සමාගම සමඟ අත්සන් කළ ගිවිසුම කුමක්ද? අදාල පොහොර ප්‍රමිතියෙන් තොර නම් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව අදාළ ගිවිසුමේ අත්සන් කළේ මොනවාද?

පළමු පරීක්ෂණයෙන් අසමත් වූ විට හරවා යැවූ පොහොර නැව දෙවන පරීක්ෂණයේ ප්‍රතිඵල එන්නටත් පෙර ආපසු ගෙන්වූයේ කවුද? එම නැව ගෙන්වනු ලෙස බලපෑම් කළේ කවුද? ඒ බලපෑම්වලට යටත් වුයේ කවුද යන්න රටට හෙලිදරව් කළ යුතුයි.

රටට බරපතළ හානි ගෙන එන නැවක් මෙරට වරාය ආශ්‍රිතව නැංගුරම් ලෑම පවා වරදක්. එසේ නොකරන ලෙස ඉල්ලන්නට කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාවවත් මේ ආණ්ඩුවට නැහැ.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කෘෂිකර්ම අධ්‍යක්ෂවරයාට තිබූ කශේරුකාව මේ ආණ්ඩුවට නැහැ | Lanka Newsweek