අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි

කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි

සිය පාලනය යටතේ ජාතික කෘෂි ආර්ථිකය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ක්‍රියා කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඔහු මේ…

සිය පාලනය යටතේ ජාතික කෘෂි ආර්ථිකය නවීන තාක්ෂණය ඔස්සේ දියුණු කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ක්‍රියා කරන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ඔහු මේ බව පැවසුවේ අඟහරුවාදා(29) අම්පාරේ පැවති ජනරැළියකදීය.එහිදී වැඩි දුරටත් අදහස් දක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

අපගේ පැවති රජය යටතේ ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බළකායට විශාල අභිමානයක් ලබාදුන්නා. ගම්බට්ටා යැයි හැඳින් වූ ආරක්ෂක භටයාට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙක් වශයෙන් කටයුතු කිරීමට හැකි වාතාවරණය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අපගේ රජයයි.

දැන්වීම

එදා අපි අභිමානයක් ලබාදුන් රණවිරුවාගේ ගෞරවය වත්මන් රජය යටතේ නැවතත් කෙලෙසලා දැම්මා. වත්මන් රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම අවධානයකින් තොරව කටයුතු කලා. රජය පසුගිය කාලයේ රණවිරුවාගේ මානසිකත්වය කඩා වැටෙන ආකාරයෙනුයි කටයුතු කලේ.

අභූත චෝදනා නගමින් රණවිරුවොත් බුද්ධි අංශ නිලධාරියාත් සිරගත කළා. අප ක්‍රියාත්මක කල ආරක්ෂක විධිවිධාන නොසලකා හරිමින් කටයුතු කල නිසයි පාස්කු ඉරු දින බෝම්බ පුපුරා ගියේ.

විදේශ රාජ්‍යයන්වල අවශ්‍යතාවන් මත කටයුතු කරන වත්මන් රජයට ජාතික ආරක්ෂාවට වගකියන්න හැකියාවක් නැහැ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කළ හැක්කේ අපගේ රජයකට පමණයි.

අපගේ රජය විසින් ආරක්ෂක අංශ වෙත ලබාදුන් හා ලබාදීමට නියමිතව තිබුණ වරප්‍රසාද මෙම රජය අහිමි කළා. නමුත් අපගේ රජයක් යටතේ ආරක්ෂක අංශවලට නැවතත් වරප්‍රසාද ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැනටමත් සාකච්ඡා කර තිබෙන බව සදහන් කරන්න කැමතියි.

හමුදාව, පොලිසිය වැඩ කළේ කවුද කියන්න ඔබ දන්නවා. ඔබට වැඩියෙන්ම වරප්‍රසාද ලබාදුන්නේ කවුද කියලා ආරක්ෂක අංශ හොදින්ම දන්නවා. ඒ නිසා බොරු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මම ඔබ සැමටම කියනවා.

අපගේ රජය යටතේ ගොවි ජනතාව නගා සිටුවන්න පැහැදිලිවම කටයුතු කරනවා. වගා හානිය ලබාදෙන්නත්, ගොවි ණය කපා හරින්නත් අප කටයුතු කරනව මෙන්ම පොහොර සහනාධාරයත් නොමිලයේම ලබා දෙන්නත් කටයුතු කරනවා.

ගුණාත්මක බවින් යුතු බීජ සහ නව තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම මගින් රට ආහාරයෙන් සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත්.

සෑම ක්ෂේත්‍රයක්ම දියුණු කරන්න කටයුතු කරනවා. ව්‍යාපාර සඳහා දිරිගැන්වීම් කරනවා. ඒ වෙනුවෙන් විනිවිධ පෙනෙන බදු ක්‍රමයක් හඳුන්වා දීම මගින් ආයෝජන අවස්ථා පුළුල් කරන්නත්,බදුසහන ලබාදීම හරහා ව්‍යාපාරයට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.

උසස් පෙළ සමත් සියලුම දෙනාට විශ්වවිද්‍යාල පහසුකම් ලබාගත හැකි වන පරිදි අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල ආයෝජනයක් කරනවා.

මේවා කළ හැක්කේ අභියෝග බාරගත් අයට පමණයි. ත්‍රස්තවාදය නිම කිරීමේ අභියෝගය ජයගත්තාක් මෙන් ජනාධිපතිවරණය ජයගෙන රටට එල්ලවී තිබෙන අභියෝග ජයගැනීමට තමන් සූදානම් යැයි ද එතුමා තව දුරටත් පැවසීය.

කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
කෘෂිකර්මයයි - ගොවියයි නගා සිටුවන හැටි ගෝඨා පැහැදිලි කරයි | Lanka Newsweek