අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කුලියාපිටියේ ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 05ක් විනාශ වේ

කුලියාපිටියේ ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 05ක් විනාශ වේ

(නිලන්ති චන්ද්‍රසේන) අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද (19) අලුයම කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ. මෙම ගොඩනැගිලි අතර…

(නිලන්ති චන්ද්‍රසේන)

අධික වර්ෂාව හා සුළං තත්ත්වය හේතුවෙන් අද (19) අලුයම කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයට කරන්තිප්පල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 5කට අලාභහානි සිදුව තිබේ.

මෙම  ගොඩනැගිලි අතර වෙළෙඳසල් දෙකක් හා නිවාස 3 ක් වන බව පොලිසිය පවසයි.

මෙයින් පුද්ගලයින් තිදෙනෙකුට  සුළු තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.

පොලීසිය, යුද හමුදාව, සහ ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව ගස මේ වනවිට  ඉවත් කර ඇති අතර  කුලියාපිටිය – හෙට්ටිපොළ මාර්ගයේ  ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කුලියාපිටියේ ගසක් කඩා වැටීමෙන් ගොඩනැගිලි 05ක් විනාශ වේ | Lanka Newsweek