කුරේගේ “රැස” අගමැතිට “විෂ” වෙයි..!

“රැස” මුද්‍රණය අත් හිටු වන්නැයි අගමැතිගෙන් නියෝග..! චාමර ලක්ෂාන් “සිළුමිණ” ප්‍රධාන කර්තෘ ධූරයට..! (රන්දික මහගෙදර) සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කෙරෙන “ රැස ” අලුත්ම…
“රැස” මුද්‍රණය අත් හිටු වන්නැයි අගමැතිගෙන් නියෝග..!
චාමර ලක්ෂාන් “සිළුමිණ” ප්‍රධාන කර්තෘ ධූරයට..!
(රන්දික මහගෙදර)
සීමාසහිත එක්සත් ප්රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා පත්‍රයේ මුද්‍රණය වහාම අත් හිටු වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සමාගමේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාට නියෝග කර තිබේ.
ඊට හේතු වී තිබෙන්නේ “රැස” පුවත් පත මගින් “ලේක්හවුස්” ආයතනයට මසකට රුපියල් ලක්ෂ හතළිහ ඉක්ම වූ පාඩුවක් සිදු වන බවට තොරතුරු අනාවරණය වීමය.
කුරේගේ “රැස්” බැස්සූ “රැස”..! යන ශීර්ෂය යටතේ 2018 මැයි 15 වැනිදා මේ පිළිබඳව මුලින්ම රටට කරුණු හෙළිදරව් කෙරුණේ “lankanewsweek” වෙබ් අඩවිය මගිනි.
දැන්වීම
“lankanewsweek” මගින් සිදු කෙරුණු එම හෙළිදරව්ව පදනම් කර ගෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් ගණනාවක් ඔහුට කරුණු ඉදිරිපත් කර ඒ පිළිබඳව ඔහුගේ අවධානය යොමු කරවා තිබිණ.
ආරම්භයේදී “රැස” පුවත් පත තිස් දහසක් මුද්‍රණය කළත් අපේක්ෂා කළ පරිදි අලෙවියක් සිදු නොවන නිසා මේ වන විට පත්‍රය මුද්‍රණය කරන්නේ පිටපත් 3000ක් පමණක් වන අතර එම පිටපත් ප්‍රමාණයෙන් අලෙවි වන්නේ ද පිටපත් 1000ක් පමණකි.
විශාල පාඩුවක් සිදු වන තත්ත්වය හමුවේ “රැස” පත්‍රයේ බර තවදුරටත් ලේක්හවුස් ආයතනයට දැරීමට නොහැකි නිසා එම පත්‍රයේ මුද්‍රණය අත් හිටු වන ලෙස සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ එම ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන් කිහිප දෙනකුම එම සමාගමේ සභාපති ක්‍රිශාන්ත කුරේ මහතාගෙන් ඉල්ලීමක් ද කර තිබිණ.
කෙසේ නමුත් නව ආරක සහ පෙරළිකාර පුවත් පතක් යැයි කියමින් ක්‍රිශාන්ත කුරේ මහතා “රැස” පුවත්පත ආරම්භ කළේ සිය සංකල්පයකට අනුව වන නිසා එම පුවත්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඔහු කලක් තිස්සේ මඟ හැර සිටි බව ලේක්හවුස් ආයතනයේ උපදේශක කර්තෘවරයක් “lankanewsweek” සමග පැවසීය.
ආයතනයට කෙතරම් අනවශ්‍ය බරක් දැරීමට සිදු වුණත් ඔහු ඒ සම්බධයෙන් මෙසේ තීරණයක් නොගෙන සිටියේ පත්‍රයේ මුද්‍රණය අත් හිටු වනු ලැබූ වොත් ඔහුගේ අසාර්ථක භාවය ඔප්පු වන නිසා යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
මේ අලුත් පත්‍රය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහස වූයේ නව අන්තර්ගතයකින් යුතුව එම පුවත් පත “ටැබ්ලොයිට්” ප්‍රමාණයෙන් මුද්‍රණය කර රට පුරා ජනතාව අතර නොමිලයේ බෙදා හැර දැන්වීම්වලින් වියදම පියවා ගත යුතු අතර එසේ කළොත් ආණ්ඩුවේ පණිවිඩය ජනතාව අතරට සාර්ථකව ගෙන යා හැකි බවය.
එපමණක් නොව එවිට පත්‍රය විශාල වශයෙන් ජනතාව අතරට යන නිසා ඒ පිළිබඳව රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන දැනුම්වත් කර දැන්වීම් ලබා ගනිමින් ලොකු ලාභයක් ද උපයා ගත හැකි වනු ඇති බව ද අගමැතිවරයාගේ ස්ථාවරය විය.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ක්‍රිෂාන්ත කුරේ මහතාට ද උපදෙස් දුන්නත් ඔහු ඒ උපදෙස් නොතකා “රැස” පුවත් පත අධික පිරිවැයකින් යුතු විශාල ප්‍රමාණයේ දිනපතා පත්‍රයක් ලෙස සිය අභිමතය පරිදි ආරම්භ කර තිබේ.
මේ අතර උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ අග්‍රාමාත්‍යවරයාගේ නියෝගයට අනුව “රැස” පත්‍රයේ මුද්‍රණය අත් හිටු වීමට සිදු වන නිසා ක්‍රිෂාන්ත කුරේ මහතා සිදු කර තිබෙන්නේ “සිළුමිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘ එහි උපදේශක කර්තෘවරයා ලෙස පත් කර එම පත්‍රයේ ප්‍රධාන කර්තෘවරයා ලෙස “රැස” ප්‍රධාන කර්තෘ චාමර ලක්ෂාන් කුමාර මහතා පත් කිරීමය.
