අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කුරේගේ “රැස්” බැස්සූ “රැස”..!

ජනපති-අගමැති හැප්පූ “හිල්ටන් මෙහෙයුම” පත්තු වෙයි..!

මාසික පාඩුව ලක්ෂ 40 ඉක්මවයි..! මුද්‍රණය කරන්නේ 3000යි-විකිණෙන්නේ 1000යි..! (තිලාන් සමරවික්‍රම) සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා පුවත් පත…

මාසික පාඩුව ලක්ෂ 40 ඉක්මවයි..!

මුද්‍රණය කරන්නේ 3000යි-විකිණෙන්නේ 1000යි..!

(තිලාන් සමරවික්‍රම)

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කෙරෙන “රැස” අලුත්ම දිනපතා   පුවත් පත හේතුවෙන් එම ආයතනයට මසකට සිදු වන පාඩුව රුපියල් ලක්ෂ හතළිහ ඉක්මවා ගොස් තිබෙන බවට කරුණු හෙළිදරව් වී තිබේ.

ආරම්භයේදී “රැස” පුවත් පත තිස් දහසක් මුද්‍රණය කළත් අපේක්ෂා කළ පරිදි අලෙවියක් සිදු නොවන නිසා මේ වන විට පත්‍රය මුද්‍රණය කරන්නේ  පිටපත් 3000ක් පමණක් වන අතර එම පිටපත් ප්‍රමාණයෙන් අලෙවි වන්නේ ද පිටපත් 1000ක් පමණක් බව බෙදාහැරීම් අංශ ආරංචි මාර්ග පවසයි.

විශාල පාඩුවක් සිදු වන තත්ත්වය හමුවේ “රැස” පත්‍රයේ බර තවදුරටත් ලේක්හවුස් ආයතනයට දැරීමට නොහැකි නිසා එම පත්‍රයේ මුද්‍රණය අත් හිටු වන ලෙස සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ එම ආයතනය මගින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි ජාතික පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන් කිහිප දෙනකුම එම සමාගමේ සභාපති ක්‍රිශාන්ත කුරේ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ නමුත් නව ආරක සහ පෙරළිකාර පුවත් පතක් යැයි කියමින් ක්‍රිශාන්ත කුරේ මහතා “රැස” පුවත්පත ආරම්භ කළේ  සිය සංකල්පයකට අනුව වන නිසා එම පුවත්පත සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ඔහු කිසිසේත්  සුදානම් නැතැයි ලේක්හවුස් ආයතනයේ උපදේශක කර්තෘවරයක් “lankanewsweek” සමග පැවසීය.

ආයතනයට කෙතරම් අනවශ්‍ය බරක් දැරීමට සිදු වුණත් ඔහු ඒ සම්බධයෙන් මෙසේ තීරණයක් නොගෙන සිටින්නේ පත්‍රයේ මුද්‍රණය අත් හිටු වනු ලැබූ වොත් ඔහුගේ අසාර්ථක භාවය ඔප්පු වන නිසා යැයි ද ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

කුරේගේ “රැස්” බැස්සූ “රැස”..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කුරේගේ “රැස්” බැස්සූ “රැස”..! | Lanka Newsweek