අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) පිටිගල නගරයේ හෙරොයින් මිලි ග‍්‍රෑම් 570 ක් ළග තබා ගෙන සිටියදී පිටිගල පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් 2017 නොවැම්බර් මස 23 වන දින දක්වා තවදුරටත්…

(ජයකාන්ත ලියනගේ)

පිටිගල නගරයේ හෙරොයින් මිලි ග‍්‍රෑම් 570 ක් ළග තබා ගෙන සිටියදී පිටිගල පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරු රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් 2017 නොවැම්බර් මස 23 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇල්පිටිය මහේස්ත‍්‍රාත් අසංක බෝදරගම මහතා සිකුරාදා (17) නියෝග කළාය.

හෙරොයින් තොගයට අදාළ රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහේස්ත‍්‍රාත්තුමිය දැනුම් දුන්නාය.

දැන්වීම

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ වේගොඩ, පොරවගම ලිපිනයේ පදිංචි අළුත්හේවා ගුණවර්ධන දිනේෂ් (25) නැමැති අයයි.

පිටිගල නගරයේ සැකකටයුතු අන්දමින් සිටි සැකකරු අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී හෙරොයින් තොගය සොයාගෙන තිබේ.

සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 570 ක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙන අතර එය පිටිගල පොලිස් වසමෙන් ලැබුණ පළමු හෙරොයින් තොගය බවද පිටිගල පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

පිටිගල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ට්ආරච්චි මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්ත, පොලිස් සැරයන් සුනිල් (24091)වැටලීම සිදුකර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ් | Lanka Newsweek