අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු තව දුරටත් රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලි ග්‍රෑම් 1350 ක් සන්තනයේ තබා ගෙන සිටි අයෙකු අද (02) පෙරවරුවේ තෙලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල බූස්ස රෙජ්ජිපුර පදිංචි ඉදුරුවගේ…

(ජයකාන්ත ලියනගේ)

හෙරොයින් මිලි ග්‍රෑම් 1350 ක් සන්තනයේ තබා ගෙන සිටි අයෙකු අද (02) පෙරවරුවේ තෙලිකඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල  බූස්ස රෙජ්ජිපුර පදිංචි ඉදුරුවගේ නිලන්ත කුමාර (26) නැමැති අයයි.

තෙලිකඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති  උප පොලිස් පරීක්ෂක සමරජීව මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකරු බූස්ස රෙජ්ජිපුර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී හෙරොයින් තොගය සොයා ගෙන තිබේ. සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත අයෙකුද යන්න සම්බන්ධයෙන් සහ සැකකරු හෙරොයින් ලබා ගන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ පවත් වන බව තෙලිකඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිල පොලිස් පරීක්ෂක ඩබ්ලිව් කේ ගමගේ මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සමරජීව, පොලිස් කොස්තාපල් වීරසිංහ (56467) යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කුඩු තොගයක් එක්ක සැකකරු මාට්ටු | Lanka Newsweek