කුඩා දරුවකු බලෙන් රැගෙන ගිය රුසියන් ජාතිකයා පොලිස් දැලේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(ජයකාන්ත ලියනගේ) හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක (05) කුඩා පිරිමි ළමයෙකු මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කර මුහුදු වෙරළට රැගෙන ගිය බව කියන රුසියන් ජාතිකයෙකු ඊයේ (20) සවස හික්කඩුව…
(ජයකාන්ත ලියනගේ)
හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පහක (05) කුඩා පිරිමි ළමයෙකු මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කර මුහුදු වෙරළට රැගෙන ගිය බව කියන රුසියන් ජාතිකයෙකු ඊයේ (20) සවස හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගන්නා ලද රුසියන් ජාතිකයා සහ කුඩා දරුවා අද (21) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයේ හොටෙල් විලා හි නැවතී සිටින රුසියන් ජාතික Ivoro Byev (32) නැමැති අයයි.
විදේශීය ජාතිකයෙකු විසින් සිය දරුවා පැහැර ගෙන ගොස් තිබෙන බවට දරුවාගේ මව විසින් හික්කඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව රුසියන් ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ.
කුඩා දරුවා හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට තමාගේ පාපැදිය පදිමින් සිට ඇති අතර එම මාර්ගයේ පයින් ගමන් කල විදේශිකයා විසින් දරුවා රවටා රැගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. රුසියන් ජාතිකයා දරුවා, දරුවාගේම පාපැදියේ නංවා ගෙන ඔහු විසින් පාපැදිය පැදගෙන යන අයුරු ප්‍රදේශවාසීන් විසින් දැක ඒ බව දරුවාගේ දෙමාපියන්ට දැනුම් දී තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ දරුවා අකමැත්තෙන් කදුළු සලමින් පැපැදියේ යන අයුරු තමන් දුටු බවයි.
හික්කඩුව, වැල්ලවත්ත ප්‍රදේශයේ මුහුදු වෙරළේ රුසියන් ජාතිකයා කුඩා දරුවා සමග සිටියදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. හික්කඩුව පොලීසිය පසුව දරුවා දෙමාපියන්ට බාර දී රුසියන් ජාතිකයා වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සදහා ගාල්ල, කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වරයා වෙත ඉදිරිපත් කර ඇත.
දරුවා පැහැරගෙන යන ලද්දේ අපයෝජනය කිරීමටද එසේත් නොමැති නම් වෙනත් අවශ්‍යතාවයක් සදහාද යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වි තිබෙන බවත් කුඩා දරුවන් නිවසින් එළියට ගිය පසු දෙමාපියන් අවධානයෙන් සිටිය යුතු බවත් හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
හික්කඩුව පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් මහින්ද (7449) ඇතුළු පිරිසක් සැකකරු අත් අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1