කීරි සම්බා නෑ - ඩඩ්ලි හංගලා..?

(අචින්ත මධුර) ඩඩ්ලි ප්‍රමුඛ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත් කර ගෙන ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි. ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනයද පසුගියදා…
(අචින්ත මධුර)
ඩඩ්ලි ප්‍රමුඛ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් මේ වන විට ආණ්ඩුව සම්පුර්ණයෙන්ම යටපත් කර ගෙන ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් පවසයි.
ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ ජාතික සම්මේලනයද පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් පෙන්වා දුන්නේ වෙළෙඳපොළේ කීරි සම්බා හිඟයට හේතුවද මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑම බවයි. ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ප්‍රමාණවත් සහල් සංචිතයක් රජය සතුව නොමැති වීම හේතුවෙන් දෙසැම්බර් මාසය වනවිට රට තුළ දැවැන්ත සහල් හිඟයක් මතු වීමේ අවදානමක්ද පවතින බවයි.
මෙම තත්වය තුල ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පෙන්වා දෙන්නේ, මහා පරිමාණ වී මෝල් හිමියන් කෘත්‍රිම සහල් හිඟයක් මවාපාමින් අයුතු ලාභයක් ඉපයීමට උත්සාහ දරන බවයි.