“කීත් නොයාර් ගැන ප්‍රකාශ කළේ කිසිවෙක් ගැන ද්වේශයෙන් නොවේ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති මානෙල්) ප්‍රවීණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දුන්නේ කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කතානායක කරූ ජයසූරිය…
(නිලන්ති මානෙල්)
ප්‍රවීණ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබා දුන්නේ කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. අවධාරණය කරයි.
තමා එසේ කළේ නීති ගරුක පුරවැසියෙකු ලෙස නීතියත් යුක්තියත් ඉටු කිරීමට සහාය ලබා දීම වෙනුවෙන් පමණක් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
කතානායක කරු ජයසූරිය මහතා මේ නිකුත් කර ඇත්තේ, මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව පොලීසිය සිදු කළ පරීක්ෂණවලට අදාළව කතානායකවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා කෙරෙහි අවධානය යොමු කරමිනි.
අදාළ පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව පුවත්පත් කතෘවරු සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන්ම ප්‍රකාශයන් ලබා ගැණුන අතර කතානාවරයාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණයට කළ දැනුම් දීම මත අධිකරණයන් ඊට ලැබුණු අවසරය මත මත කතානායකවරයාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව ද එම නිවේදනයේ සඳහන් වේ.
නීති ගරුක පුරවැසියෙකුගේ යුතුකම් සහ වගකීම් ඉටු කරමින් තමා අදාළ සිද්ධිය පිළිබඳ දන්නා සියලු තොරතුරු පැහැදිලිව සඳහන් කළ බව කරු ජයසූරිය මහතා සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
මේ වැනි ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හෝ එම ප්‍රකාශය කවර ආකාරයෙන් විය යුතු ද යන්න සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයකින් තමාට බලපෑමක් හෝ යෝජනාවක් ඉදිරිපත් නොවූ අතර එම සමස්ථ ක්‍රියාවලිය සිදු වූයේ පොලීසිය අධිකරණය දැනුම්වත් කර ඒ හරහා කෙරුණු නීතිමය ඉල්ලීමකට බව ද කතානායක කරු ජයසූරිය මහතා සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1