කිසිදු සුළු ජාතික පක්ෂ නායකයෙකු ජනපති සමග යන්නේ නැහැ

හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම්-රාධාක්‍රිෂ්ණන් තීරණය කරලා රනිල්ගේ අන්තිම තුරුම්පුවත් ඉවරයි සජිත්ගේ ජය නියතයි සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් කිසිවකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු නොවන බව ජාතික…
හකීම්-රිෂාඩ්-මනෝ-දිගම්බරම්-රාධාක්‍රිෂ්ණන් තීරණය කරලා
රනිල්ගේ අන්තිම තුරුම්පුවත් ඉවරයි
සජිත්ගේ ජය නියතයි
සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් කිසිවකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු නොවන බව ජාතික වතු කම්කරු පක්ෂයේ නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා කියා සිටියි.
පලනි දිගම්බරම් මහතා කියා සිටින්නේ, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන් සහ වී රාධාක්‍රිෂ්ණන් ඇතුළු කිසිදු පක්ෂ නායකයකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් නොවන බවය.
ජනාධිපතිවරයා සමග එක් විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙකු කියා සිටියත් ඔවුන්ද ආණ්ඩුවට එක් නොවන බව ද, ඔවුන් පවා එසේ ආණ්ඩුවට නොයන්නේ එසේ ගියොත් ඉදිරි මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බව දන්නා නිසා යැයි ද පලනි දිගම්බරම් මහතා පෙන්වා දෙයි.
දැන්වීම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ජය ගත නොහැකි යැයි ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය ජය ගනු ඇතැයි ද, එම නිසා සුළු ජාතික දේශපාලන පක්ෂවල සහය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබෙන බව ද පලනි දිගම්බරම් මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික සැලසුම වී තිබුණේ සමගි ජන බලවේගයෙන් විශාල කණ්ඩායමක් ආණ්ඩුවට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වන නමුත් ජනාධිපතිවරයාගේ එම සැලසුම සාර්ථක නොවූ අතර සමගි ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා සමග එක් නොවුණි.
අනතුරුව ජනාධිපතිවරයාගේ සැලසුම වූයේ ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන සුළු ජාතික දේශපාලන පක්ෂ නායකයන් සමගි ජන බලවේගයෙන් ගලවා ගෙන තමා වෙතට ගැනීම වන අතර ඒ සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් විශාල මෙහෙයුමක් ද දියත් කොට තිබිණ.