කිරිඇල්ල දෙවැනි වතාවටත් ආණ්ඩුව බේරා ගනී..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අගමැති උපදෙස් නොතකා එජාප මන්ත්‍රීන් රැසක් පාර්ලිමේන්තුව මඟ හැරලා..! (සුජිත් මංගල ද සිල්වා) යහ පාලන ජාතික රජයේ පනතක් පාර්ලිමේන්තුවේදී පරාජයවීම දෙවැනි වතාවටත් වළක්වා ගනිමින් ආණ්ඩුව බේරා ගැනීමට සභානායක…
අගමැති උපදෙස් නොතකා එජාප මන්ත්‍රීන් රැසක් පාර්ලිමේන්තුව මඟ හැරලා..!
(සුජිත් මංගල ද සිල්වා)
යහ පාලන ජාතික රජයේ පනතක් පාර්ලිමේන්තුවේදී පරාජයවීම දෙවැනි වතාවටත් වළක්වා ගනිමින් ආණ්ඩුව බේරා ගැනීමට සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) සමත් වී ඇත.
සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට නියමිතව තිබුණේ ඊයේ (07) සවසය.
අදාළ පනත සම්මත කර ගැනීම සඳහා ඡන්දය විමසීමට සුදානම් වූ මොහොතේ ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති අතර ඒකාබද්ධ විපක්ෂය ඇතුළු පාර්ලිමේන්තුවේ සමස්ථ විපක්ෂයට සාතිශය බහුතරය තිබෙන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැක ඇත.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවේ කාලය පස්වරු 6.30 ට පෙර දීර්ඝ කර ගැනීමට නොහැකි වන අයුරින් උපක්‍රමිකව ක්‍රියා කරමින් විවාදය නතර කරවා ගෙන පනතට අදාළව ඡන්දය විමසා සම්මත කර ගැනීම පසුවට කල් තබා ගෙන ඇත.
සාපරාධී කාරණාවලදී අන්‍යොන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත් කෙටුම්පතට අදාළව ඡන්දය විමසීමට නියමිත බව දැන දැනත් එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් ඒ මොහොතේ පාර්ලිමේන්තු සභා ගර්භයේ රැදී නොසිට එම අවස්ථාව මෙසේ මඟ හැරීම විශේෂ සිද්ධියක් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ සැලකිය යුතු මන්ත්‍රීවරුන් පිරිසක් මේ අවස්ථාව මෙසේ මඟ හැර සිට ඇත්තේ, මේ සතියේ අතිශය වැදගත් විවාද පැවැත් වෙන අතර පනත්වලට අදාළව ඡන්ද විමසීමට ද නියමිතව තිබෙන බැවින් සියලුම මන්ත්‍රීවරුන් දවස පුරාම පාර්ලිමේන්තුවේ රැදී සිටිය යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සඳුදා (06) සියලුම මන්ත්‍රීවරුන්ට නියෝග කර තිබියදීය.
දින 100 යටතේ යහ පාලන ආණ්ඩුව ඉදිරිපත් කළ මුදල් පනතක්, බහුතරය නොමැතිව පාර්ලිමේන්තුවේදී මේ අයුරින්ම පරාජය වීමට ගිය අවස්ථාවේදී ද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වහාම ක්‍රියාත්මක වී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහයෝගය ගෙන අදාළ පනත පරාජයවීම වළක්වා ගෙන තිබිණ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
