අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිරලගහවෙල වෙඩි තැබීමේ යතුරුපැදිය සොයා ගැනේ

කිරලගහවෙල වෙඩි තැබීමේ යතුරුපැදිය සොයා ගැනේ

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ වෙඩි තැබීමට අදාල වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය බටපොල බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබියදී බද්දේගම පොලීසිය මගින් සඳුදා…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය) 


 
මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ වෙඩි තැබීමට අදාල වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන යතුරුපැදිය බටපොල බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබියදී බද්දේගම පොලීසිය මගින් සඳුදා (17) රාත්‍රියේම සොයා ගෙන තිබේ.

මෙසේ සොයා ගෙන ඇත්තේ එන්ජින් ධාරිතාවය 150 ක් බජාජ් පල්සර් වර්ගයේ යතුරු පැදියකි. මෙම යතුරු පැදිය මේ වන විට බද්දේගම පොලීසිය බාරයේ ඇති බව බද්දේගම පොලීසිය කියයි. 
වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන්නට ඇති බවත් ඒ අතර තුර යතුරු පැදිය අම්පේගම ප්‍රදේශයේ දමා යන්නට ඇති බවත් බද්දේගම පොලිසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලකට ඊයේ (18) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගියේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බව බළපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. මියගිය කාන්තාව අදාල අවන්හලේ හිමිකරුගේ බිරිද බවටද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබේ.

දැන්වීම

මෙසේ මියගොස් ඇත්තේ මීටියාගොඩ පදිංචි රොෂිකා ශාමිණී නැමැති 48 හැවිරිදි කාන්තාවකි. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කාන්තාවට වෙඩි තබා තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වි තිබේ. වෙඩි තැබීම සදහා මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන තිබෙන බවත් පාතාල කල්ලි දෙකක් අතර දිගු කාලීනව ඇති වි තිබෙන ආරවුලක් මෙම ඝාතනයටද හේතු වන්නට ඇති බවත් පොලීසිය කියයි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ කිරලගහවෙල යසසිරි බියර් බාර් එකේදීය. මෑතකදි අම්බලන්ගොඩදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට එකට එක කිරීමක් ලෙස මෙම ඝාතනය පොලීසිය සැක කරයි. මෙම කාන්තාව අම්බලන්ගොඩ ඝාතනය සිදුකරන ලද බවට පාතාල කල්ලි සැක කරන අයෙකුගේ නැන්දනිය බවටද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ජී පී ප්‍රියදර්ශණ, ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා යන මහත්වරුන් සමග මීටියාගොඩ හා බද්දේගම පොලිස් ස්ථාන වල නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න