කියුබාවේ හවානා නුවරට ගුවන් යානයක් කඩා වැටේ...100දෙනෙක් මරුට
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බෝයින් 737…
(නිලන්ති චන්ද්‍රසේන)
කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමීපයට මගී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බෝයින් 737 වර්ගයේ යානයක් වන අතර එය අභ්‍යන්තර ගුවන් ගමනකදී මෙසේ සිදුවී ඇත්තේ. මෙම ගුවන් යානය කියුබානු රාජ්‍ය ගුවන් සමාගම මගින් මෙක්සිකානු සමාගමකින් බදු පදනම මත ලබාගත් ගුවන් යානයකි. මෙක්සිකානු බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙහි නිෂ්පාදිත වර්ෂය 1979 වන බවත් මෙය පසු ගිය සැප්තැම්බර් මස කළ පරීක්ෂාවකදී කිසිඳු කාර්මික දෝෂයක් හඳුනා නොගත් බව ය.
එරට මාධ්‍ය වාර්තාවන්හී දැක්වෙන්නේ ගුවන් යානය වානා නුවර පිහිටි ජොස් මාර්ටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වී ටික වේලාවකට පසුව එය කඩා වැටී ඇති බව ය.
යානය අනතුරට ලක්වන විට කියුබානු ජාතික ගුවන් මගීන් 110 දෙනෙකු සහ මෙක්සිකානු ජාතික කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ඒ තුළ සිට ඇති බව විදෙස් වාර්තා වන අතර අනතුරින් පුද්ගලයින් 03 දෙනෙකු දිවි ගලවා ගෙන ඇතත් ඔවුන්ද බරපතළ තත්වයේ පසු වන බවද වාර්තා වේ.
කියුබානු ජනපති මිගුඑල් ඩයස් කැනෙල් අනතුර සිදු වූ සැනින් එම ප්‍රදේශයට පැමිණ එය නිරීක්ෂණය කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1