අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති

කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති

එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්-අන් ඉතිහාස ගතවිය. ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග්…

එකිනෙකා හමු වූ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්-අන් ඉතිහාස ගතවිය.

ඉහත කී අනපේක්ෂිත හමුව සිදු වූයේ වසරක පමණ කාලයක් දෙරටේ නායකයන් අතර පැවති වාග් සංග්‍රාමයකින් අනතුරුවය. මාස ගණනක් පුරා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පැවති හැලහැප්පීම් වලින් අනතුරුව සිංගප්පූරුවේ සෙන්ටෝසා දූපතේ පිහිටි සුඛෝපභෝගී නිකේතනයකදී දෙරටේ නායකයෝ අතට අත දෙමින් එකිනෙකා පිළිගත්හ.

කලාපයේ පවතින දේශපාලන උණුසුම සමනය කිරීම සහ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ නායකයන් දෙපල සාකච්ඡා කිරීමට නියමිතය.

Trump Kim

මෙම සිදුවීම් මාලාවේ සාර්ථකත්වය පිළිබඳ විශ්ලේෂකයෝ මත දෙකක් පළ කරති. සාකච්ඡාව, කිම් ජොන්-අන් ලැබූ ප්‍රචාරාත්මක ජයග්‍රහණයක් ලෙස සමහරෙක් දකින අතර ඇතැමෙකු එය දකින්නේ සාම මාවතට පිවිසීමක් ලෙසය.

සෙන්ටෝසාහිදී එකිනෙකා වෙත පිය නැගූ දෙරටේ නායකයෝ ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ ඉදිරියේ අතට අතදී එකිනෙකා පිළිගත්හ.

මාධ්‍යවේදීන් ඉදිරියේ කෙටියෙන් අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, නායක කිම් සමග "විශාල සබඳතාවක්" ගොඩනැගෙනු ඇති බවට බලාපොරොත්තු පළ කළේය.

හමුව පිළිබඳ සිය සතුට පළ කළ ඇමරිකානු ජනාධිපතිවරයා, "අපි ඉතාමත් හොඳ සාකච්ඡාවක් පැවැත්වීමට යනවා. එය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගනීවි" යනුවෙන් පැවසීය.

වසරකට ඉහත දී එකිනෙකා වෙත පරිභව කරමින් වාග් සංග්‍රාමයක යෙදී සිටි නායකයන් දෙපල, සැහැල්ලුවෙන් සිටින ආකාරයක් දක්නට ලැබිණ.

"මෙතනට පැමිණීම පහසු කටයුත්තක් වුනේ නැහැ, බාධක තිබුනා. නමුත් මෙතනට පැමිණෙන්න ඒ බාධක ජයගත්තා," නායක කිම් සඳහන් කළේය.

Donald - Kim Summit 2018
සිංගප්පූරුවට අයත් සෙන්ටෝසා (Sentosa) දිවයිනේ පිහිටි නිකේතනය

භාෂා පරිවර්තකයන් සමග නායකයන් දෙපල අතර පමණක් සිදු වූ සාකච්ඡාව මිනිත්තු 40 පමණ කාලයක් පැවැත්විණි.

පසුව නායකයන් දෙපල සිය උපදේශකයන් කැටුව දිවා ආහාරය සඳහා ගියහ.

සාකච්ඡාවේ මුලික අවධානය, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ යොමුවනු ඇත.ජාත්‍යන්තරයෙන් නැඟුණ විරෝධය නොතකා බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම හේතුවෙන් උතුරු කොරියානු නායකයා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඔහු ජනාධිපති පදවියට පත් වී පළමු වසර තුළ දැඩි වාග් ප්‍රහාර හුවමාරු විය.

2018 ආරම්භයේදී දෙරට අතර සම්බන්ධතාවයේ කැපී පෙනෙන වෙනසක් සිදු විය. විශේෂයෙන්ම දකුණු කොරියාවේ පැවැත්වුන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියාවේ සහභාගිත්වය කැපී පෙනිණ.

(BBC සිංහල සේවය ඇසුරෙන්)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කිම් - ට්‍රම්ප් හමුව: දෙරටේ නායකයෝ සාකච්ඡා අරඹති | Lanka Newsweek