අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිප්යෙගොන් බෙට්ට තරග තහනමක්..!

කිප්යෙගොන් බෙට්ට තරග තහනමක්..!

තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුව කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ. විසි හැවිරිදි කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇති අතර…

තහනම් උත්තේජක ලබා ගත් බවට තහවුරුවීමෙන් අනතුරුව කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් තරග තහනමකට ලක් කර තිබේ.

විසි හැවිරිදි කෙන්යා මලල ක්‍රීඩක කිප්යෙගොන් බෙට් මැදි දුර ධාවන ඉසව් සඳහා එක්වනු ඇති අතර පසුගිය වසරේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි වූයේ ද ඔහුටයි.

අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනය යටතේ ක්‍රියාත්මක වන මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය හෙවත් ඒ.අයි.යූ මගින් කිප්යෙගොන් බෙට්ට එරෙහිව මෙම තහනම පනවා ඇත.

පසුගිය වසරේ සිට අන්තර් ජාතික මලල ක්‍රීඩා සම්මේලනයේ තහනම් උත්තේජක පාලන ඒකකය හැඳින්වෙන්නේ මලල ක්‍රීඩා අඛණ්ඩතා ඒකකය ලෙස වන අතර මේ වන විට එම ඒකකය මගින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 120 දෙනෙකුට අදාළ පරීක්ෂණ සිදු කරන බවට වාර්තා වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කිප්යෙගොන් බෙට්ට තරග තහනමක්..! | Lanka Newsweek