අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කිනම් පක්ෂයකින් කවුරු එජාපයට ගියත් රනිල් Fail..ජනතාව සජිත් එක්කයි

කිනම් පක්ෂයකින් කවුරු එජාපයට ගියත් රනිල් Fail..ජනතාව සජිත් එක්කයි

මැයි රැලිවලින් ඒ බව මානව ඔප්පු වුණා බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා සල්ලිවලට පක්ෂ පාවා දෙන මන්ත්‍රීවරුන් ගැන ජනතාව තීරණයක් ගනී රටේ සම්පත්වලින් 37%ක් භුක්ති විඳින්නේ…

මැයි රැලිවලින් ඒ බව මානව ඔප්පු වුණා 

බමුණු කුලයේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කළ යුතු කාලය එළඹිලා 

සල්ලිවලට පක්ෂ පාවා දෙන මන්ත්‍රීවරුන් ගැන ජනතාව තීරණයක් ගනී 

රටේ සම්පත්වලින් 37%ක් භුක්ති විඳින්නේ 1%ක් වූ ධනකුවේරයන් 

ජනතාවගෙන් 40%ක් සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් යට 

ජනපතියි-එජාපයයි පෝෂණය කරන්නේ ධනකුවේරයන් විතරයි 

-විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කරති-

කිනම් පක්ෂයකින් කවුරු එජාපයට ගියත් රනිල් Fail..ජනතාව සජිත් එක්කයි

කිනම් දේශපාලන පක්ෂයකින් කවුරුන් එක්සත් ජාතික පක්ෂයට ගියත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දින විය නොහැකි යැයි ද, ඔහු "Fail" යැයි ද, ජනතාව සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග යැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, ගණකාධිකරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි.

එම දේශපාලන යථාර්ථය මැයි රැලිවලින් මානව පැහැදිලි වූයේ යැයි ද, මුදලට, වරදානවලට සහ වරප්‍රසාදවලට ඒ ඒ දේශපාලන පක්ෂවලින් මන්ත්‍රීවරුන් බිලී බා ගනිමින් දේශපාලන පක්ෂ කඩා, ජන මතය විකෘත්ති කර බලය ඩැහැ ගැනීමේ "Deal" දේශපාලනය ජනතාව පිළිකුලෙන් යුතුව තරයේ හෙළා දකින්නේ යැයි ද මහාචාර්යවරයා පෙන්වා දෙයි. 

දැන්වීම

තැලෙන-පොඩි වෙන, නැති-බැරි සහ අවවරප්‍රසාදිත ජනයා තුට්ටුවකට මායිම් නොකරන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ බමුණු කුලයේ උග්‍ර ධනවාදී දේශපාලනය සහ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අන්ත දූෂිත-මැරෑටි දේශපාලනය අවසන් කිරීමට සුවහසක් ජනයා මේ වන විට එකට ඒකරාශී වී සිටින්නේ යැයි ද කෙනඩි ගුණවර්ධන මහතා සඳහන් කරයි. 

එම ජන මතයට සහ ජාතික අවශ්‍යතාවයට පයින් ගසා මේ තීරණාත්මක මොහොතේ මුදලට, වරදානවලට සහ වරප්‍රසාදවලට විකිණෙමින් සිය දේශපාලන පක්ෂය පාවා දී පිල් මාරු කිරීමට කිසිදු මහා ජන නියෝජිතයෙකුට සදාචාරාත්මක අයිතියක් නැතැයි ද, එවැනි මහා ජන නියෝජිතයින් සම්බන්ධයෙන් ජනතාව එදාට වඩා අද අවධානයෙන් සිටින්නේ යැයි ද හෙතෙම කියා සිටියි. 

රටේ ජාතික සම්පත්වලින් 37%ක් ම භුක්ති විඳින්නේ 01%ක් වූ අන්ත සහ උග්‍ර ධනවාදීන් වන අතර මහා ජනතාවගෙන් 40%ක් සිටින්නේ දරිද්‍රතා රේඛාවෙන් යට බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ නවතම වාර්තා කියා සිටින බව පෙන්වා දෙන මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා එමගින් පැහැදිලි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෝෂණය කරන්නේ අතිශය සුළුතරයක් වූ ධනකුවේරයන් පමණක් වන බවට ද චෝදනා කර සිටියි.   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කිනම් පක්ෂයකින් කවුරු එජාපයට ගියත් රනිල් Fail..ජනතාව සජිත් එක්කයි | Lanka Newsweek