අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කෑම-බීම නැති නිසා දූ දරුවන්ගෙන් සියයට 50ක් පාසල් යන්නේ නැහැ

කෑම-බීම නැති නිසා දූ දරුවන්ගෙන් සියයට 50ක් පාසල් යන්නේ නැහැ

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගෙන් 50%ක පමණ පිරිසක් දිනපතා පාසල් නොයෙන බව තහවුරු වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ…

කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපනය ලබන දූ දරුවන්ගෙන් 50%ක පමණ පිරිසක් දිනපතා පාසල් නොයෙන බව තහවුරු වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ පාසල් කටයුතු අංශයේ ප්‍රධානී ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකුබාලසූරිය සඳහන් කළාය.

මේ තොරතුරු අනාවරණය වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ තෝරා ගත් පාසල් කිහිපයකට අදාළව සිදු කෙරුණු විශේෂ සමීක්ෂණයක දී වන අතර මෙසේ දූ දරුවන් පාසල් නොඒමට හේතුව කුමක්ද යන්න පිළිබඳ කරනු ලැබූ සොයා බැලීමේදී හෙළි වූයේ කුසට ආහාරයක් නොමැති වීම, දෙමාපියන් රැකියාවලට යාම සහ ප්‍රවාහන ගාස්තු සොයා ගැනීමට නොහැකි වීම වැනි හේතු යැයි ද ඇය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යංශය මගින් දිවයිනේ සියලු පාසල් සම්බන්ධයෙන් මෙම පරික්ෂා කිරීම සිදු කරමින් පවතින බවද පවසන විශේෂඥවරිය ප්‍රාථමික අංශයේ දූ දරුවන් පාසල් නොයෑම අනාගතයේදී රටක් ලෙස අපට විශාල ගැටලු ගණනාවක් ඇති කරන තත්ත්වයක් වනු ඇති බවද පෙන්වා දුන්නාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කෑම-බීම නැති නිසා දූ දරුවන්ගෙන් සියයට 50ක් පාසල් යන්නේ නැහැ | Lanka Newsweek