අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කැලණි විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක

කැලණි විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක

(නිලන්ති චන්ද්‍රසේන) කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (25) පෙරවරුවේ උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි. මිලිටරි බලය යොදාගෙන නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් කිරීමට ඉදිරිපත් කර…

(නිලන්ති චන්ද්‍රසේන)

කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය  සංගමය විසින් අද (25) පෙරවරුවේ උද්ඝෝෂණය සංවිධාන කර තිබිණි.

මිලිටරි බලය යොදාගෙන නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍ය සේවයට බලපෑම් කිරීමට ඉදිරිපත් කර ඇති පනත වහා ඉවත් කර ගන්නා ලෙස රජයට බල කිරීම අරමුණු කරගෙන මෙම උද්ඝෝෂණය දියත් කොට ඇත.

දැන්වීම

මේ හේතුවෙන් අද පෙරවරුවේ  මහනුවර -කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබු අතර පැයක පමණ කාලයක් නුවර දෙසට  ගමන් ගන්නා මාර්ගය අවහිර වී තිබු බවද වාර්තා වේ.

මේ වනවිට උද්ඝෝෂණය අවසන් කර තිබේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කැලණි විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක | Lanka Newsweek