කැබිනට් සංශෝධනයෙන් පසු එජාප අභ්යන්තර සටන ඇරඹේ..!

මන්ත්රීන් 30ක් දේශපාලන තීන්දුවකට පෙළ ගැසෙති..? (සුජිත් මංගල ද සිල්වා) කැබිනට් සංශෝධනය සිදු කර අගමැති රනිල් වවික්රමසිංහ මහතා ප්රධාන යහ පාලන ආණ්ඩුව රැක ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සහ…
මන්ත්රීන් 30ක් දේශපාලන තීන්දුවකට පෙළ ගැසෙති..?
(සුජිත් මංගල ද සිල්වා)
කැබිනට් සංශෝධනය සිදු කර අගමැති රනිල් වවික්රමසිංහ මහතා ප්රධාන යහ පාලන ආණ්ඩුව රැක ගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පුළුල් සහ ඇඟට දැනෙන ප්රතිසංස්කරණයක් උදෙසා වූ සටන ඇරඹීමට එම පක්ෂයේ ප්රබල මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්රීවරුන් 30ක් සුදානමින් සිටිති.
එම මැති ඇමතිවරු ඇතුළු මන්ත්රීවරු මේ සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ මට්ටමේ සාකච්ඡා ආරම්භ කර ඇති අතර පුළුල් ප්රතිසංස්කරණයක් ඔස්සේ ජයග්රහණය කරා යා හැකි යෝජනා රැසක් ද සකස් කර ගෙන සිටිති.
දැන්වීම
පළාත් පාලන මැතිවරණ ප්රතිඵලයත් සමග යහ පාලන ජාතික රජයේ සහ ජාතික දේශපාලනයේ උද්ගත වූ අර්බුදකාරී තත්ත්වයේදී රනිල් වික්රමසිංහ මහතාගේ අගමැති ධූරය ආරක්ෂා කිරීමට සියලු දෙනා එකට එක් වුයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රධාන ශ්රී ලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂ අභ්යන්තරයට ඇඟිලි ගැසීම වැළැක්වීමට සහ ඒ මොහොතේ ක්රියාත්මක වූ දේශපාලන කුමන්ත්රණය පරාජය කිරීමට වගේම පක්ෂයේ පුළුල් ප්රතිසංස්කරණයක් සඳහා නායක රනිල් වික්රමසිංහ මහතා සමග ඇති කර ගත් පොදු එකඟතාවය මත පදනම්ව බව එම කණ්ඩායම “lankanewsweek” සමග පැවසීය.
මේ අනුව කිසිදු ජනතා පදනමක් නොමැති,ජනතාවගේ අප්රසාදයට පත්ව සිටින සහ ජනතා අවශ්යතා නොහඳුනන සිය පුද්ගලික හිතවතුන් එක්සත් ජාතික පක්ෂයේ තනතුරුවලින් වගේම ආණ්ඩුවේ ඇමති ධූරවලින් ද පහ කිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා පියවර ගත යුතු බව එම පිරිස පෙන්වා දෙති.
ඒ වගේම ආණ්ඩුවේත් එක්සත් ජාතික පක්ෂයේත් තීන්දු තීරණ මේ කණ්ඩායම සමග තනිවම නොගෙන එම කල්ලියේ සිර භාරයෙන් මිදී ලිච්ඡවී ක්රමයට සියලු දෙන සමග පොදුවේ සාකච්ඡා කර ගත යුතු අතර තරුණ සහ දක්ෂ නායකයින් ඉදිරියට ගනිමින් පක්ෂයට නව මුහුණුවරක් ලබාදීමට රනිල් වික්රමසිංහ මහතා ක්රියා කළ යුතු යැයි ද එම මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්රීවරු අවධාරණය කළහ.
මහාමාන්ය ඩී එස් සේනානායක මහතා ප්රධාන පැරණි නායකයින්ගේ ආදර්ශය ගනිමින් එක්සත් ජාතික පක්ෂය සිංහල බෞද්ධ ජාතිකත්වයට යළි ආමන්ත්රණය කළ යුතු යැයි පෙන්වා දෙන එම කණ්ඩායම රනිල් වික්රමසිංහ මහතා එදා එම් ජී පී පණ්ඩිතරත්න වාර්තාව ක්රියාත්මක කළා නම් පක්ෂයට අද මේ ඉරණම අත් නොවන බව ද අවධාරණය කරති.
ඉතිහාසයේදී වගේම මේ අවස්ථාවේදීත් ජනතාව ඉල්ලා සිටින මේ පුළුල් ප්රතිසංස්කරණය එක්සත් ජාතික පක්ෂයේ සිදු නොකළ හොත් දැඩි දේශපාලන තීන්දුවක් ගන්නා බව ද එම මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්රීවරුන් පෙන්වා දෙති.