කැබිනට්ටුව යළි සංශෝධනය කෙරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මලික් (සරම) වික්‍රමගේ ඇමැතිකමට තට්ටු වෙයි..? රවී-දයාසිරි යළි කැබිනට්ටුවට..! (උපුල් බණ්ඩාර) සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරයෙන් මලික් සමරවික්‍රම මහතා වහාම ඉල්ලා අස් විය යුතු ශ්‍රී…
මලික් (සරම) වික්‍රමගේ ඇමැතිකමට තට්ටු වෙයි..?
රවී-දයාසිරි යළි කැබිනට්ටුවට..!
(උපුල් බණ්ඩාර)
සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරයෙන් මලික් සමරවික්‍රම මහතා වහාම ඉල්ලා අස් විය යුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ බහුතරය එම ස්ථාවරයට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකාවේදී විදුලි දුම්රිය නිෂ්පාදනය කර විදේශ රටවලට විකිණීමේ මහා පරිමාණ විදේශීය ආයෝජන ව්‍යාපෘතියට අවසර ලබාදීම සඳහා එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යන ඉතාලි සමාගමේ අයිතිකරුගෙන් සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා යුරෝ මිලියන 25ක අල්ලසක් ඉල්ලුවේ යැයි කියන සිද්ධිය ඇතුළු අඛණ්ඩවම ඔහුට එල්ල වෙමින් පවතින දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා වගේම ඔහු සිය අමාත්‍යංශය මෙහෙය වන ආකාරය සම්බන්ධයෙනි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර කොමිසම එම පියවර ගෙන තිබෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතය.
මේ සිද්ධිය ඇතුළුව මලික් සමරවික්‍රම මහතාට එල්ල වෙමින් තිබෙන දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිළිබඳ චෝදනා වගේම ඔහු සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශය මහෙය වන ආකාරය සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ මේ වන විටත් කරුණු දක්වා තිබේ.
සංවර්ධන උපාය මාර්ගික සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා ලෙස මලික් සමරවික්‍රම මහතාට එදා සිට මේ දක්වාම රටට ගෙන එන්න හැකි වී තිබෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 17ක විදේශීය ආයෝජන පමණක් බව ද එම පිරිස ජනාධිපතිවරයා හමුවේ පෙන්වා දී තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් ගණනාවක් ද මලික් සමරවික්‍රම මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කාලයක් මුළුල්ලේම දැඩි විවේචන එල්ල කරමින් සිටින අතර ඔවුහූ ද ඒ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිලි කරමින් සිටිති.
උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ධූරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊට සුදසු පුද්ගලයකු පත් කිරීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
එසේ වුණොත් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙසට ජනාධිපතිවරයා මලික් සමරවික්‍රම මහතාට දැනුම් දෙනු ඇතැයි සඳහන් කළ ඔහු හෙට අනිද්දාම කැබිනට් මණ්ඩල සංශෝධනයක් යළි සිදු වන බව තහවුරු කළ අතර ඒ සම්බන්ධයෙන් අඟහරුවාදා (01) දහවල් ජනාධිපති කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් පැවති බව ද කියා සිටියේය.
එහිදී එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට කැබිනට් ඇමති ධූර ද වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට රාජ්‍ය ඇමති ධූරයක් ද හිමි වනු ඇති අතර ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ඇමති ධූරය ද මාරු වීමට ඉඩ ඇතැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

