අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කාලගුණයේ වෙනසක්..!

කාලගුණයේ වෙනසක්..!

වියළි කාලගුණය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාපතනයක් ලැබී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැඩිම වර්ෂාපතනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි අගය මිලිමීටර් 32.8ක් බවයි. මෙයට…

වියළි කාලගුණය නිමා කරමින් දිවයිනේ ප්‍රදේශ රැසකට වර්ෂාපතනයක් ලැබී තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසන්නේ වැඩිම වර්ෂාපතනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහි අගය  මිලිමීටර් 32.8ක්  බවයි.

මෙයට අමතරව යාපනයට මිලිමීටර් 15.9 ක වර්ෂාපතනයක් ද, අලිමංකඩ ප්‍රදේශයට මිලිමීටර් 11.6 ක වර්ෂාපතනයක් ද, අඹේපුස්සට 13. 1 ක් ද අඹේපුස්සට 13.1 ක් ද දෙහිවලට මිලිමීටර් 12.8 ක වර්ෂාපතනයක් ද ලැබී ඇති බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගත වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 37.5 වාර්තා වන්නේ පොතුවිල් ප්‍රදේශයෙන්ය. තවද වවුනියාවෙන් සෙල්සියස් අංශක 36 ක් ද ත්‍රිකුණාමලයට සෙල්සියස් අංශක 35.5 උෂ්ණත්වයක් ද වාර්තාවී ඇත.

අද (17) දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක්  අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. හම්බන්තොට, මොනරාගල, මාතලේ, මාතර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලට විටින් විට හමන පැයට කිලෝමීටර් 40 දක්වා තරමක තද සුළං තත්වයක්ද ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කාලගුණයේ වෙනසක්..! | Lanka Newsweek