කාබනික පොහොර භාවිතයෙන් ගුණාත්මක තේ ලබා දෙන්න වැවිලි ඇමැති පියවර ගනී..!

තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය. එම ව්‍යාපෘතියේ…
තේ වගාව සඳහා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගුණාත්මක අස්වැන්නක් ලබා ගැනීම උදෙසා නව ව්‍යපෘතියක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ මඟ පෙන්වීමෙන් ආරම්භ කිරීමට නියමිතය.
එම ව්‍යාපෘතියේ නියමු ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය යටතේශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ ඊශ්‍රායල නියෝජිත TOP ORGANIC SOLUTION LANKA ආයතනයේ අධ්‍යක්ෂක HAIM KATZIR මහතා අතර බ්‍රහස්පතින්දා(11) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවිය.