කාන්තා හිංසනයට එරෙහිව රටම පෙරට ආ යුතුයි

කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්,…
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය නොවැම්බර් 25 දිනට යෙදී ඇති බවත්, ඒ දිනය සමරන අතරේත් කාන්තාවන්ට එරෙහි හිංසනය ලොව පුරාත්, ශ්‍රි ලංකාවෙත් සිදුවෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් බවත්, මේ අමානුෂික තත්ත්වය නතර කිරීමට වහාම සියලු දෙනා එකට එක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ ලුණුගම්වෙහෙර බෙරලිහෙල ගොවි ජනතාව මුණ ගැසුණේ "නගරයෙන් නගරයට ගමින් ගමට දොරින් දොරට" ජනතා ගැටළු විමසන වැඩ සටහනේ තවත් අදියරකට ය.
කාන්තාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව සමගි ජන බලවේගය පෙනී සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා , ඉදිරි දෙසතියක කාලය තුළ ඒ වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරන බවද පැවසීය. ගෘහස්ථ හිංසනයත්, වැඩ බිමේ දි සිදුවන හිංසනයන්,පොදුවේ ගත් විට කාන්තාවන්ට එරෙහිව සිදුවන සමස්ත හිංසනයනුත් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ඉතා තීරණාත්මක නීතිරීති රැගෙන ආ යුතු බවද විපක්ෂ නායකවරයා පැවසීය.