කාන්තා අයිතීන් වෙනුවෙන් විපක්ෂ නායක පෙරමුණ ගනී

තව සති දෙකකින් විශාල පෙරළියක්..! ජාත්‍යන්තර කාන්තා දිනයේදී පවා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා සිදු වුණා කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයේ දී පවා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත්…
තව සති දෙකකින් විශාල පෙරළියක්..!
ජාත්‍යන්තර කාන්තා දිනයේදී පවා පාර්ලිමේන්තුවේ කාන්තාවන්ට හිංසා සිදු වුණා
කාන්තාවන්ට එරෙහි හිංසනය වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයේ දී පවා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේත් කාන්තාවන්ට එරෙහි හිංසනය සිදු වෙමින් පැවතීම අතිශය කණගාටුවට කරුණක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
මේ අමානුෂික තත්ත්වය නතර කිරීමට වහාම සියලු දෙනා එකට එක් විය යුතු බවත් පෙන්වා දුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කාන්තාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බව ද අවධාරණය කළේය.
ඒ අනුව ඉදිරි දෙසතිය ඇතුළත දී ඒ වෙනුවෙන් තීරණාත්මක මැදිහත්වීමක් කරන බව කියා සිටී සජිත් ප්‍රේමදාස මහතා ගෘහස්ථ හිංසනය සහ වැඩ බිමේ දි සිදු වන හිංසනයන ඇතුළු පොදුවේ කාන්තාවන්ට එරෙහිව සිදු වන සමස්ත හිංසනයනුත් මුලිනුපුටා දැමීම වෙනුවෙන් ඉතා තීරණාත්මක නීතිරීති රැගෙන ආ යුතු බව ද අවධාරණය කළේය.