අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කාන්තාවන් බලමුළු ගන්වන්න ජලනි ප්‍රේමදාස පෙරට

කාන්තාවන් බලමුළු ගන්වන්න ජලනි ප්‍රේමදාස පෙරට

විපක්ෂ නායක සහ සනගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය පියවර ගෙන තිබේ. කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී…

විපක්ෂ නායක සහ සනගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීමේ අරමුණින් ඔහුගේ බිරිය වන ජලනි ප්‍රේමදාස මහත්මිය පියවර ගෙන තිබේ. 

කොළඹ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි හෝටලයකදී පැවති සමගි ජන බලවේගයේ මහරගම ආසනයේ කාන්තා සමුළුව පිහිටුවීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තිය ලෙස ඊට සහභාගී වෙමිනි. 

කාන්තාවන්ගේ සග දරු දැරියන්ගේ ප්‍රශ්න සහ අවශ්‍යතා සොයා බලමින් කලක් මුළුල්ලේ ඔවුන් සමග අතිශය සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන යන ජලනි ප්‍රේමදාස මහත්මිය එහිදී විශේෂ ගෞරවයකට සහ පිළි ගනීමමට ලක් විය,

කාන්තාවන් සිය දුක්ගැනවිලි, ප්‍රශ්න සහ අවශ්‍යතා පිළිබඳව ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත ලිඛිතව සහ වාචිකව කරුණු ඉදිරිපත් කළ අතර ජලනි ප්‍රේමදාස මහත්මිය ඒ පිළිබඳව සිය විශේෂ අවධානය දැක්වූවාය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න