කාන්තාවන් ගණිකාවන් කරන්න යන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සෙනෙහසක් තිබේද..?

බස් රථවල කාන්තාවන් පුරවා ගෙන ගොස් රැස්වීම්වල හිඳුවා ඒ වේදිකාවලම සිටිමින් කාන්තාවන් ගණිකා වෘත්තියට ගෙන යන්න උත්සහ දරන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සැබෑ සෙනෙහසක් තිබේ දැයි දිලිත් ජයවීර මහතා…
බස් රථවල කාන්තාවන් පුරවා ගෙන ගොස් රැස්වීම්වල හිඳුවා ඒ වේදිකාවලම සිටිමින් කාන්තාවන් ගණිකා වෘත්තියට ගෙන යන්න උත්සහ දරන මිනිස්සුන්ට ශ්‍රී ලාංකේය කාන්තාව ගැන සැබෑ සෙනෙහසක් තිබේ දැයි දිලිත් ජයවීර මහතා ප්‍රශ්න කර සිටියි.
සල්ලි එකතු කරන්න උස්ස ගෙන යන "ටින්" එක හැරුණාම ඒ පක්ෂවල නායකයන්ට බදු ගෙවන්න "TIN" අංකයක් තිබෙන්නේ යැයි ද විමසා සිටින දිලිත් ජයවීර මහතා දූෂණය සහ හොරකම නතර කිරීම ගැන වැඩියෙන්ම කතා කරන පක්ෂවල නායකයින් සිය පක්ෂ අරමුදලෙන් සුඛෝපභෝගී යාන වාහන සහ නිවාස නඩත්තු කරමින් ජීවත් වන ක්‍රමයම තවත් එක දූෂණයක් නොවන්නේ යැයි ද ප්‍රශ්න කරයි.
ඒ දේශපාලන පක්ෂවල අරමුදල්වලින් සිය එදිනෙදා සුඛෝපභෝගී ජීවිතය පවත්වා ගෙන යන්න මුදල් සහ සම්පත් ලබා ගැනීම බදුවලට යටත් දැයි ද දිලිත් ජයවීර මහතා විමසා සිටියි.
සාමාන්‍ය මිනිස්සු මකන කෑල්ලක් මිල දී ගැනීමේදී පවා බදු පිට බදු ගවද්දී, සත පහක් වත් බදු නොගෙවා සිය කලිසමේ , බඳ පටියේ සහ යට ඇඳුමේ සිට සියලු සම්පත් අයිති කර ගැනීම සදාචාර සම්පන්නදැයි ද දිලිත් ජයවීර මහතා වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියි.