කාදිනල් හිමියෝ රැඩිකල් විප්ලවයකට අර අඳිති

රැඩිකල් තාරුණ්‍යට අමතති "අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා පෙරට එනු" රටේ පවතින ක්‍රමය වහාම වෙනස් කළ යුතුයි රැඩිකල් තරුණ විප්ලවයක් අත ළඟ රටේ පවතින ක්‍රමය වෙනස් කර අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා…
රැඩිකල් තාරුණ්‍යට අමතති
"අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා පෙරට එනු"
රටේ පවතින ක්‍රමය වහාම වෙනස් කළ යුතුයි
රැඩිකල් තරුණ විප්ලවයක් අත ළඟ
රටේ පවතින ක්‍රමය වෙනස් කර අලුත් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා නැගී සිටින ලෙස තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බව අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ අවධාරණය කර සිටිති.
මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් රැඩිකල් තරුණ තරුණියන්ගෙන් මෙම ඉල්ලීම සිදු කළේ, "ප්‍රාණ" සිනමාපටයේ මංගල දර්ශනය නැරඹීම සදහා සහභාගී වූ අවස්ථාවේ දී ය.
රට යහපත් අතට ගැනීම තරුණ තරුණියන්ගේ වගකීම බව සිහිපත් කළ කාදිනල් හිමිපාණෝ ඒ වගකීම ඉටු කිරීම සදහා තරුණ තරුණියන් නැගී සිටිය යුතු බවත් ඒ සඳහා සියලු ප්‍රජාවන්ගේ සහාය හිමි විය යුතු බවත් අවධාරණය කර සිටිති.
දැන්වීම
අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව නැගී සිටී තරුණ තරුණියන් සිර කඳවුරුවල හෝ උසාවිවල සිටින බව තමා දන්නා බව පවසන කාදිනල් හිමියෝ එම ක්‍රියා කලාපය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ද පවසති.
අරගලකාර තරුණ තරුණියන් මීට පෙර වීදි බැස්සේ පවතින ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලමින් බව පෙන්වා දෙන කාදිනල් හිමියෝ තරුණයන්ගේ එම ඉල්ලීම ඉතාම සාධාරණ බවද පවසති.