අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

කාඩ්පත් මගින් බස් ගාස්තු අය කරගැනීම ලබන ජනවාරියේ සිට

කාඩ්පත් මගින් බස් ගාස්තු අය කරගැනීම ලබන ජනවාරියේ සිට

(හේමන්ත තුසිත කුමාර) කාඩ්පත් යොදා ගෙන පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීමේ ක්‍රමවේදය සැකසීම එළඹෙන ජනවාරි මාසය වන විට ආරම්භ කල හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු…

(හේමන්ත තුසිත කුමාර)

කාඩ්පත් යොදා ගෙන පෞද්ගලික බස් රථවල ගාස්තු අය කරගැනීමේ ක්‍රමවේදය සැකසීම එළඹෙන ජනවාරි මාසය වන විට ආරම්භ කල හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කලේ කොන්දොස්තරවරුන්ගේ හිඟයට ද එම ක්‍රමය විසඳුමක් වනු ඇති බවය. කාඩ්පත් ක්‍රමය සඳහා ඉදිරියේදී මහ බැංකුවේ අනුමැතියද ලබාගැනීමට නියමිතය.

බස්යේ ඉදිරි දොරටුව අසළ කාඩ්පත් යන්ත්‍රය සවි කර මගීන් බස් රථයට ඇතුළුවන විට සහ පිටවන විට කාඩ්පත යන්ත්‍රයේ ස්පර්ෂ කර බැස යා යුතු ලෙස ක්‍රමවේදය සකසන බවත් තව දුරටත් ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
කාඩ්පත් මගින් බස් ගාස්තු අය කරගැනීම ලබන ජනවාරියේ සිට | Lanka Newsweek