කාගෙන් හරි ටියුෂන් අරගෙන හෝ මේ මිලේච්ඡ ඝාතන රැල්ල රටෙන් තුරන් කරනු..!

විපක්ෂ නායකවරයාට රටේ ප්‍රශ්න පිළිබඳව කතා කිරීමට ලබා දී ඇති කාලයත් සීමා කරලා..? ඝාතන රැල්ල නැවැත්වීමට රජයට අවශ්‍ය සියලුම සහය ලබා දෙනවා සජිත් ප්‍රේමදාස මහතා රජයට බල කරයි දිනෙන් දින රට තුළ සිදුවන…
විපක්ෂ නායකවරයාට රටේ ප්‍රශ්න පිළිබඳව කතා කිරීමට ලබා දී ඇති කාලයත් සීමා කරලා..?
ඝාතන රැල්ල නැවැත්වීමට රජයට අවශ්‍ය සියලුම සහය ලබා දෙනවා
සජිත් ප්‍රේමදාස මහතා රජයට බල කරයි
දිනෙන් දින රට තුළ සිදුවන වෙඩිතැබීම් මනුෂ්‍ය ඝාතන වර්ධනය වීමත් පසුගිය දා අධිකරණය තුළ වෙඩි තබා ඝාතනය කරන ලද සිදුවීමට අදාළ සැකකාරිය සහ අත්අඩංගුවට ගැනීමට නියෝග කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමත් යන කරුණු රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරිමට අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබීය.
විපක්ෂ නායකවරයා ලෙස රටේ ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව හිමිවී ඇති කාලය පවා වත්මන් රජය අහිමි කර ඇති මොහොතක මේ මිලේච්ඡ ඝාතන රැල්ල ගැන රජයේ අවධානය කෙසේ හෝ ලබා ගනිමින් රට තුළ නැවතත් නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමට අවැසි මගපෙන්වීම සිදු කිරිමට කටයුතු කල බව සජිත් ප්‍රේමදාස මහතා සිය නිල FaceBook පිටුවේ සටහනක් තබමින් පෙන්වා දී තිබේ.
රජයට මේ සම්බන්ධව කටයුතු කලයුතු ආකාරය පිලිබන්ධව පැහැදිලි අදහසක් හෝ අත්දැකීම් නොමැතිනම් කාගෙන් හෝ උපදෙස් ලබා ගෙන මේ මිලේච්ඡ ඝාතන රැල්ල නතර කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඒ සදහා අවශ්‍ය සහයෝගය විපක්ෂයක් ලෙස ලබා දීමට නොපැකිලිව කටයුතු කරන බවටත් වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම සටහන මගින් පෙන්වා දී තිබේ.