ක්‍රීඩා ඇමති ධුරයෙන් නෙරපීම පිටු පස අදිසි හස්තයක්

රොෂාන් රණසිංහගේ ජීවිතයට පවා තර්ජනයක් එල්ල විය හැකියි ජනපතිගේ අමනෝඥ සහ දුර්දාන්ත තීරණය හෙළා දකිනවා ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කර දූෂිත ක්‍රිකට් පරිපාලනයට…
රොෂාන් රණසිංහගේ ජීවිතයට පවා තර්ජනයක් එල්ල විය හැකියි
ජනපතිගේ අමනෝඥ සහ දුර්දාන්ත තීරණය හෙළා දකිනවා
ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කර දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන ගිය වැඩ කටයුතු සියල්ල අඩාල කරමින් රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් පහ කිරීමට ගත් අමනෝඥ සහ දුර්දාන්ත තීරණය පිටු පස අදිසි හස්ථයක් ඇති බවට සැකයක් මතු වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කැඅ ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ජනතා වරමකින් තොරව බලයට පත් වූ වත්මන් ජනාධිපතිවරයා රටේ නීතිය පවා උල්ලංඝනය කරමින් ක්‍රීඩා අමාත්‍ය ගරු රොෂාන් රණසිංහ මහතාගේ වැඩ කටයුතුවලට බාධා කිරීමත් ඉන් නොනැවතී දූෂිත ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ගෙන ගිය වැඩ කටයුතු සියල්ල අඩාල කරමින් ක්‍රීඩා අමාත්‍ය ධුරයෙන් සහ සෙසු අමාත්‍ය ධුරවලින් ඔහු ඉවත් කිරීමට ගත් අමනෝඥ දුර්දාන්ත තීරණයට ප්‍රජාතන්ත්‍රවාදය අගයන විපක්ෂයක් ලෙස අප විරුද්ධ වන්නෙමු.
දැන්වීම
රටේ ලක්ෂ 220ක් වූ ජනතාව ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට අන්ත දුෂිත වී තිබේ. රට බංකොලොත් කිරීමට හේතු වූ රාජපක්ෂවරු එලවා දැමීමෙන් පසු ජනතාව අපේක්ෂා කළේ මෙවැනි දූෂිත පාලනයක් නොවේ. එහෙත් ගජමිතුරු ධනවාදය සහ ලුම්පන් ධනවාදය ක්‍රිකට් පරිපාලනය ආක්‍රමණය කරමින් ජනතාව ආදරය කළ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කර අවසන් ය. එකී ගජමිතුරු වාදයට එරෙහිව නොබියව සටන් කළ වත්මන් ක්‍රීඩා ඇමතිවරයාගේ වැඩ කටයුතුවලට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අනීතිකව මැදිහත් වී බාධා පැමිණවීම කිසිසේත්ම අනුමත කළ නොහැක.
ජනාධිපතිවරයා විසින් දූෂිතයන්ට එරෙහිව සටන් කළ ක්‍රීඩා ඇමතිවරයාව කිසිදු සාධාරණ හේතුවකින් තොරවම සිය ධුරවලින් ඉවත් කිරීම පිටු පස අදිසි හස්තයක් ඇති බවට සැකයක් මතු වේ. මේ වන විට රොෂාන් රණසිංහ මැතිතුමාගේ ජීවිතයට පවා තර්ජනයක් විය හැකි බැවින් පක්ෂ භේදයකින් තොරව අප සියලු දෙනාම ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු යි.