අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එච්.බී.පී. හේරත් ඉවතට..!

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එච්.බී.පී. හේරත් ඉවතට..!

(නිලන්ති චන්ද්‍රසේන) ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ලේකම්වරයාට උපදෙස්…

(නිලන්ති චන්ද්‍රසේන)

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එච්.එම්.බී.පී. හේරත් මහතා තනතුරින් ඉවත් කිරීමට ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

ඒ අද  ආරම්භවීමට නියමිත දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 84 දෙනාට සහ ක්‍රීඩා උපදේශකයින් 15 දෙනෙකුට  හා ක්‍රීඩා උපදේශකයින්ට අවශ්‍ය නේවාසික පහසුකම් නිසි පරිදි සැලසීමට අසමත්වීම හේතුවෙනි.

මෙම දකුණු ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලට සහභාගී  වීමට සිටින මෙම පිරිසට  නේවාසික පහසුකම් සලසා තිබුණේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන්හි පිහිටි නේවාසිකාගාරයේ වන අතර ඊයේ (4) උදේ සිට මෙම නේවාසිකාගාරයේ විදුලිය බිඳ වැටි තිබීම හේතුවෙන් මෙම පිරිස දැඩි අපහසුතාවයකට පත් වුවත් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගැනීමට මෙම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නොහැකි වී අත.

පසුව ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත්වීමෙන් අනතුරුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනත්   හෝටලයකට යවා නවාතැන් පහසුකම් සලසා ඇති බව එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එච්.බී.පී. හේරත් ඉවතට..! | Lanka Newsweek