ක්‍රිෂාන්ත කුරේ “ලේක්හවුසියෙන්” දොට්ට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

හිල්ටන් හෝටලයේ සභාපතිකමත් වැට උඩ..! රටේ ජනප්‍රියම පුවත්පත් අයිතිකරුවකු එක්ක කළ “ NEWS PRINT” ව්‍යාපාරයේ තොරතුරු ඉදිරියේදී..! "TROUBLE MAKER" ලෙස බුද්ධි අංශ හඳුනා ගනී..! (සුජිත් මංගල ද සිල්වා)…
හිල්ටන් හෝටලයේ සභාපතිකමත් වැට උඩ..!
රටේ ජනප්‍රියම පුවත්පත් අයිතිකරුවකු එක්ක කළ “NEWS PRINT” ව්‍යාපාරයේ තොරතුරු ඉදිරියේදී..!
"TROUBLE MAKER" ලෙස බුද්ධි අංශ හඳුනා ගනී..!
(සුජිත් මංගල ද සිල්වා)
සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සභාපති ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රිෂාන්ත කුරේ මහතා පහ කිරීමට රජය තීරණය කර තිබේ.
ජූලි මස පළමු වැනිදා සිට මේ තීරණය ක්‍රියාත්මක වන අතර යහ පාලන ජාතික රජයේ බලධාරීන් මේ බව ක්‍රිෂාන්ත කුරේ මහතා වෙත මේ වන විටත් දැනුම් දී ඇතැයි අරලිය ගහ මන්දිර ආරංචි මර්ග පවසයි.
මේ තීරණය ගැනීමට හේතු වී ඇත්තේ යහ පාලන ජාතික රජයේ දේශපාලන පණිවිඩය, රජය රට වෙනුවෙන් කර ඇති සේවය සහ අනාගත ගෝලීය ඉලක්ක පිළිබඳව “ලේක්හවුස්” මාධ්‍ය ජාලය හරහා ජනතාව අතරට නිවැරදිව,උපක්රමිකව සහ සලසුම්සගතව තොරතුරු යවමින් ජන සමාජය දැනුම්වත් කර පෙළ ගැස්සවීමට සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා අසමත්වීමය.
ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපති ධූරයෙන් සමන් අතාවුදහෙට්ටි මහතා පහ කිරීමට රජය මීට පෙර තීරණය කළේ ද මේ ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ඔහු ද දැක්වූ අසමත්කම නිසාය.
මේ අතර නව ආරක සහ පෙරළිකාර පුවත් පතක් යැයි කියමින් ක්‍රිශාන්ත කුරේ මහතා සිය අභිමතය පරිදි ආරම්භ කළ “රැස” දිනපතා පුවත්පත හේතුවෙන් “ලේක්හවුස්” ආයතනයට මසකට රුපියල් ලක්ෂ හතළිහ ඉක්ම වූ පාඩුවක් අඛණ්ඩව සිදු වෙමින් පැවතීම සහ එම පත්‍රයේ මුද්‍රණය වහාම අත් හිටු වන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළත් ඔහු එම නියෝගය නොතකා හැරීම ද මේ තීරණයට හේතු වී තිබේ.
ආරම්භයේදී “රැස” පුවත් පත තිස් දහසක් මුද්‍රණය කළත් අපේක්ෂා කළ පරිදි අලෙවියක් සිදු නොවූ නිසා මේ වන විට එම පත්‍රය මුද්‍රණය කරන්නේ පිටපත් 3000ක් පමණක් වන අතර එම පිටපත් ප්‍රමාණයෙන් අලෙවි වන්නේ ද පිටපත් 1000ක් පමණකි.
මේ අතර ජනාධිපතිවරයාගේ තොරතුරු අගමැතිවරයාටත් අගමැතිවරයාගේ තොරතුරු ජනාධිපතිවරයාටත් ලබා දෙමින් නායකයින් දෙදෙනා ඉදිරියේ ප්‍රතිවිරුද්ධ දේශපාලන චරිත දෙකක් රඟ දක් වන අතර කතානායක කරු ජයසූරිය මහතාගේ නම ද පාවිච්චි කරමින් සිය පැවැත්ම සහ බලය රැක ගැනීමට දරන උත්සහය හමුවේ බුද්ධි අංශ ක්‍රිෂාන්ත කුරේ මහතා හඳුනා ගෙන සිටින්නේ ජාතික දේශපාලනයේ අර්බුද ඇති කරන්නෙකු (TROUBLE MAKER) ලෙසටය. මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ අවස්ථා ගණනාවකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන නායකයින් වෙත විශේෂ කරුණු ද වාර්තා කර තිබේ.
ක්‍රිෂාන්ත කුරේ මහතා කොළඹ “හිල්ටන්” හෝටලයේ ද සභාපතිවරයා ලෙස මේ වන විට කටයුතු කරමින් සිටින අතර ඔහුගේ සභාපතිත්වය යටතේ එම හෝටලයට අත් වී තිබෙන්නේ ප්‍රගතියක් ද නැති නම් දුගතියක් ද යන්න පිළිබඳව ද රජයේ විශේෂ අවධානය යොමුව තිබේ.
එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත් සමාගමක අධිපතිවරයා සමග එක්ව කඩදාසි (NEWS PRINT) ව්‍යාපාරය කරමින් “ලේක්හවුස්” ආයතනයට සිදු කළ මහ පරිමාණ පාඩුව පිළිබඳ සියලු තොරතුරු “lankanewsweek” සතුව තිබෙන අතර ඒ පිළිබඳව අපි ඉදිරියේදී කරුණු හෙළිදරව් කරන්නෙමු.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2