අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ක්‍රිෂාන්ත කුරේ “කළු ගඟයි-මොරගහකන්දයි” නොහඳුනන බව හෙළි වෙයි..!

ක්‍රිෂාන්ත කුරේ “කළු ගඟයි-මොරගහකන්දයි” නොහඳුනන බව හෙළි වෙයි..!

ලේක්හවුසියෙන් ජනපතිට කුඩම්මාගේ සැලකිලි..! (සුමුදු පෙරේරා) “කළු ගඟ දියවර රැඳවුම් මංගල්‍ය අද ජනපති අතින් උත්කර්ෂවත්ව” යන ශීර්ෂය යටතේ “දිනමිණ” සඳුදා (23) පුවත්පතේ මුල් පිටුවේ තිබෙන ප්‍රධාන පුවතට අදාළව…

ලේක්හවුසියෙන් ජනපතිට කුඩම්මාගේ සැලකිලි..!

ක්‍රිෂාන්ත කුරේ “කළු ගඟයි-මොරගහකන්දයි” නොහඳුනන බව හෙළි වෙයි..!

(සුමුදු පෙරේරා)

“කළු ගඟ දියවර රැඳවුම් මංගල්‍ය අද ජනපති අතින් උත්කර්ෂවත්ව” යන ශීර්ෂය යටතේ “දිනමිණ” සඳුදා (23) පුවත්පතේ මුල් පිටුවේ  තිබෙන ප්‍රධාන පුවතට අදාළව පළ කර තිබෙන්නේ “කළු ගඟ” ව්‍යාපෘතියේ ඡායාරුපයක් නොව “මොරගහකන්ද” ජලාශ ව්‍යාපෘතියේ ඡායාරුපයක් වේ.

මේ අතර “රැස” සහ “තිනකරන්” යන පුවත්පත්වල ද එම ප්‍රවෘත්තියට අදාළව පළ කර තිබෙන්නේ ද “මොරගහකන්ද” ව්‍යාපෘතියේ ඡායාරූපයකි.

"ලංකාදීප" ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතාගේ ගෝලයකු වන ක්‍රිෂාන්ත කුරේ මහතා සභාපතිත්වය දරන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමගම (ලේක්හවුස්) මගින් ප්‍රකාශයට පත් කෙරෙන රජයේ ප්‍රධානතම ජාතික පුවත්පත වන “දිනමිණ” ඇතුළු මේ පුවත්පත් මගින් සිදු වූ එම වරද මේ වන තුරුත් නිවැරදි නොකිරීම පිළිබඳව මාධ්‍ය ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ද යොමු වී තිබේ.

මේ අතර කළු ගඟ මහ සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් “Sunday  Observer” පුවත්පතට යොමු කර තිබූ ලිපිය පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති එම පුවත්පත ලිපිය පළ කිරීමෙන් ද වැළකී සිට ඇත.

කෙසේ නමුත් අවසානයේදී එම ලිපිය ප්‍රවෘතියක් ලෙස “Dailly News” පුවත්පතේ සඳුදා (23) පළ කිරීමට අදාළ බලධාරීන් කටයුතු යොදා තිබේ.

මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ සභාපතිත්වයෙන් යුතු “ලේක්හවුස්” ආයතනයෙන් රටේ ජනාධිපතිවරයාගේ සංවර්ධන ක්‍රියාදාමයට නිසි සහයෝගයක් නොලැබෙන බව යැයි ජනාධිපති මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

ක්‍රිෂාන්ත කුරේ මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පුද්ගකයකු නිසා මේ තත්ත්වය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ප්‍රශනයක් ලෙස අර්ථ ගැන්වී අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත්වීමට පවා ඉඩ තිබෙන්නේ යැයි ද එමනිසා රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් මීට වඩා දුර දිග බලා කටයුතු කළ යුතු අතර එම තනතුරු සඳහා මාධ්‍යත්, දේශපාලනයත්,සම්මුතිවාදයත් පිළිබඳව අවබෝධයක් තිබෙන පුද්ගලයින් පත් කිරීම නායකයින්ගේ වගකීමක් බවත් “දිනමිණ”පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘවරයෙක් පැවසීය.

ක්‍රිෂාන්ත කුරේ “කළු ගඟයි-මොරගහකන්දයි” නොහඳුනන බව හෙළි වෙයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ක්‍රිෂාන්ත කුරේ “කළු ගඟයි-මොරගහකන්දයි” නොහඳුනන බව හෙළි වෙයි..! | Lanka Newsweek