අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ක්‍රිකට් තරඟය අතර මැදට හදිසියේ කාරයක් පැමිණෙයි.

ක්‍රිකට් තරඟය අතර මැදට හදිසියේ කාරයක් පැමිණෙයි.

(හේමන්ත තුෂිත කුමාර) ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියක් වන රන්ජි ත්‍රෝපි කුසලාන ක්‍රිකට් තරඟයක අතර මැදදී තණතිල්ල වෙතට කාරයක් ධාවනය කිරීම හේතුවෙන් එම තරඟය අද දිනයේදී (03) තාවකාලිකව නතර කිරීමට…

(හේමන්ත තුෂිත කුමාර)

ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියක් වන රන්ජි ත්‍රෝපි කුසලාන ක්‍රිකට් තරඟයක අතර මැදදී තණතිල්ල වෙතට

කාරයක් ධාවනය කිරීම හේතුවෙන් එම තරඟය අද දිනයේදී (03) තාවකාලිකව නතර කිරීමට සිදුවිය.මේ තරඟය

දැන්වීම

සඳහා ලොව ප්‍රවීණතම ක්‍රිකට් ක්‍රීඩකයන් වන ගෞතම් ගම්භීර්, ඉෂාන්ත් ශර්මා, සුරේෂ් රයිනා,වැනි ක්‍රීඩකයන් ද

සහභාගී වී තිබුණි.

කාරය ධාවනය කල පුද්ගලයා ගිරිෂ් ශර්මා නම් පුද්ගලයෙක් බවට පසුව අනාවරණය විය. ඉන්දියාවේ පලම් ප්‍රදේශයේ

ගුවන් හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී තරඟය පැවැත්වුණි. ක්‍රිකට් තරඟයේ දිනය නිම කිරීමට විනාඩි 20කට පමණ පෙර

එනම් සවස 4:40 ට පමණ මෙම සිදුවීම ඇතිවිය. කාරය ධාවනය කිරීම හේතුවෙන් තණතිල්ලට ඉතා සුළු හානි

සිදුවුවත් එය හෙට දිනයේදී(04) තරඟය පැවැත්වීමට බාධාවක් නොවන බවට තණතිල්ල පරීක්ෂා කල විනිසුරුවන්

පවසන ලදී.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ක්‍රිකට් තරඟය අතර මැදට හදිසියේ කාරයක් පැමිණෙයි. | Lanka Newsweek