අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරනවා

ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කරනවා

ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය .කෑගල්ලේ (14) පැවැති "පුළුවන් ශ්‍රී ලංකා" ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. "ක්‍රමානුකූලව ජනතාවගේ…

ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය .කෑගල්ලේ (14) පැවැති "පුළුවන් ශ්‍රී ලංකා" ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. 

"ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහොර සහනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි දීමනා ඉහළ දැමුවා. එක පැත්තකින් භාණ්ඩ මිල අඩු කරනවා වගේම අනෙක් පැත්තෙන් මුදල් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කර තිබෙනවා. ලබන වසර වනවිට ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා කියලා මට කියන්න පුළුවන්. දැන් අපි තවත් පියවර ගන්නවා. වාහන ආනයනය කිරීමේ තහනම ඉවත්කරලා තිබෙනවා, අපේ විදේශ විනිමය සංචිතයේ මුදල් තියෙනවා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න