අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ක්‍රමයේ වෙනස ප්‍රායෝගිකව ඔප්පු කළ සජබය සමග එකතු වන්න

ක්‍රමයේ වෙනස ප්‍රායෝගිකව ඔප්පු කළ සජබය සමග එකතු වන්න

විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි මෙවැනි සුහුරු පුවරු (SMART Boards) දැන් ගම-නගරය යැයි බෙදීමක් නැතිව රට පුරා පාසල් 135ක පමණ තිබෙනවා. මේ වසර අවසන් වන විට, අප රටේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10,126 ම…

විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි 

මෙවැනි සුහුරු පුවරු (SMART Boards) දැන් ගම-නගරය යැයි බෙදීමක් නැතිව රට පුරා පාසල් 135ක පමණ තිබෙනවා. මේ වසර අවසන් වන විට, අප රටේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන පාසල් 10,126 ම සුහුරු පාසල් බවට පත් කිරීම මගේ අරමුණ යි. ඉන් දරු දැරියන් ලක්ෂ 41කට නව ලොවට පා තබන්නට අවශ්‍ය ඩිජිටල් දැනුම ලැබෙන බව ඔබ දන්නවාද..? ඔව්, අප විසින් ගොඩනගන්නේ අපේ රටට අවශ්‍ය ඒ නූතන දරු පරපුර යි.

එක් පාසලකට සුහුරු පුවරුවක්, පරිගණක යන්ත්‍ර 5ක්, ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයක්, ශබ්ද කෝෂ 5ක් පරිත්‍යාග කිරීමට රුපියල් මිලියනයක් පමණ වැය ⁣වෙනවා. ඒ මූල්‍යමය ශක්තිය මා හට ලබා දෙන්නේ මව්බිමට පෙම් බඳින දෙස්-විදෙස් දානපතියන්. අප විසින් මෙතෙක් පාසල් 135ක් ආවරණය කරන්නට වැය කළ මුදල ‍රුපියල් මිලියන 135කට වැඩි යි. ඊට අමතර ව, පාසල්වලට යන විට දකින්නට ලැබෙන අඩු පාඩුකම්, ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා තවත් මුදල් පරිත්‍යාගයන් සිදු කළා. ඒ සියල්ලට ශක්තියක් වූයේ දෙස්-විදෙස් ශ්‍රී ලාංකික දානපතියන්ගේ නොමසුරු දායකත්වය යි.

බංකොලොත් වූ අප රටට මුදල් ගෙන එන්නේ කෙසේදැයි බොහෝ දෙනා විමසනවා. මුදල් නිසි පරිදි, නිසි තැනට යෙදවීම පිළිබඳ විශ්වාසය ගොඩ නැගූ විට, මව්බිමට සදාකල් පෙම් බඳින ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීමට දෙවරක් සිතන්නේ නැහැ. ඒ බව අප ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙනවා.

දැන්වීම

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු විපක්ෂයක්, කිසිදු විපක්ෂ නායකවරයෙක්, බලය රහිත ව රටට සේවය කළේ නැහැ. බලය ලැබෙන තෙක් රටේ ප්‍රශ්න දෙගුණ තෙගුණ වීමට ඉඩ හැරියා පමණයි. එහෙත් අප විසින් මේ සිදු කර ඇත්තේ "ක්‍රමයේ වෙනසක්" හෙවත් "System Change" එකක් බව සතුටින් ප්‍රකාශ කරන්නට කැමති යි.

බාධක, කම්කටොලු කෙතරම් තිබුණත්, ඒවා මැඩ ගෙන ඉදිරියට යමින් ප්‍රායෝගිකව සිය ශක්‍යතාව ඔප්පු කිරීම නායකයකුගේ ලක්ෂණයක් බව මා උගත්තේ ද පාසලෙන්. ගමන තවමත් අවසන් නැහැ. රට වෙනුවෙන් අපට දිගු ගමන් යන්නට සිදු වේවි.
එන්න..."ක්‍රමයේ වෙනසක්" බලාපොරොත්තු වන රටට, එම වෙනස ප්‍රායෝගිකව ඔප්පු කළ අප සමඟින් එක්වන්න. ඔබට ජය වේවා..!

-සජිත් ප්‍රේමදාස-

විපක්ෂ නායක 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ක්‍රමයේ වෙනස ප්‍රායෝගිකව ඔප්පු කළ සජබය සමග එකතු වන්න | Lanka Newsweek