ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් කාන්තාවන් ගත් ණය කපා හැරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(සුජිත් මංගල ද සිල්වා) පෞද්ගලික මූල්‍ය ආයතනවලින් කාන්තාවන් ඇතුළු සාමාන්‍ය ජනයා ලබා ගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. මේ යටතේ නියඟයෙන්…
(සුජිත් මංගල ද සිල්වා)
පෞද්ගලික මූල්‍ය ආයතනවලින් කාන්තාවන් ඇතුළු සාමාන්‍ය ජනයා ලබා ගත් කුඩා පරිමාණයේ ණය මුදල් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහන සැලසීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ යටතේ නියඟයෙන් පීඩාවට පත් කාන්තාවන් ක්ෂූද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය වහාම කපා හැරේ.
මෙසේ කපා හැරෙන්නේ දිස්ත්‍රික් 12ක කාන්තාවන් ක්ෂ්ද්‍ර මුල්‍ය ආයතනවලින් ලබා ගෙන ඇති රුපියල් ලක්ෂය දක්වා වූ පරිභෝජනය සඳහා නොවූ ණය ය.
මේ තීරණයට අදාළ දිස්ත්රික්කවන්නේ ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර සහ පොළොන්නරුවයි.
කපා හැරෙන ලක්ෂය දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩාගරය මගින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වෙත ප්‍රතිපූර්ණය කෙරෙනු ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1