කළුතර – කොළඹ පෞද්ගලික බස් සේවකයෝ වැඩ වර්ජනයක
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කළුතර – කොළඹ පෞද්ගලික බස් සේවකයින් අද (04)වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මේ විරෝධය ආරම්භ කර තිබෙන්නේ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කළ පිහි ඇනුමකට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට…
(නිලන්ති චන්ද්‍රසේන)
කළුතර – කොළඹ පෞද්ගලික බස් සේවකයින් අද (04)වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
මේ විරෝධය ආරම්භ කර තිබෙන්නේ පෞද්ගලික බස් රථ රියැදුරෙකුට කළ පිහි ඇනුමකට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමිනි.ඒ අනුව මෙම වර්ජනයට සහය දක්වමින් බස් රථ 275ක් පමණ ධාවනයෙන් ඉවත් වී ඇත.
මේ වන විට පිහි ඇනුමට ලක්වූ පෞද්ගලික බස් රථ රියැදුරු කළුතර නාගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
බස් රථ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවද වාර්තා වේ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1