කළුගඟ ජලාශයට මංගල දියවර ජනපති සුරතින්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(නිලන්ති චන්ද්‍රසේන) කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ සිදුවිය. ලග්ගල පල්ලේගමින් හරස් කරමින් ඉදිකර ඇති මෙම ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාවය ඝන මීටර්…
(නිලන්ති චන්ද්‍රසේන)
කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (23) පෙරවරුවේ සිදුවිය.
ලග්ගල පල්ලේගමින් හරස් කරමින් ඉදිකර ඇති මෙම ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාවය ඝන මීටර් දශලක්ෂ 248කි.වර්ග කිලෝමීටර් 14.5 පුරා පවතින කළුගග ජලාශයේ ජල පෝෂක ප්‍රමාණය වර්ග කිලෝමීටර් 128 පමණ වේ.
කළුගඟ පහළ නිම්නයේ නැවත පදිංචි කළ පවුල් 3000 ක් සදහා මින් ජලය සැපයීමට බලාපොරොත්තු වේ.
මීට සමගාමීව ජනාධිපතිතුමා විසින් මොරගහකන්ද ජලාශය ද කුලසිංහ ජලාශය ලෙස නම් කිරීම ද සිදුවිය. ඒ ශ්‍රී ලංකාවේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන, නව තාක්ෂණික ඉදිකිරීම් ක්‍රම රැසක් රටට දායාද කළ ආචාර්ය ඒ.එන්.එස්.කුලසිංහ මහතාට ගෞරවයක් ලෙසයි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1