කසිප්පු අපනයනය කළ හොත් විශාල ඩොලර් ප්‍රමාණයක් උපයා ගත හැකියි

කසිප්පු-ගංජාවල වටිනාකම මිනිස්සු දන්නේ නැහැ කසිප්පු නිෂ්පාදනය 500%කින් වැඩි වෙලා නිසි ප්‍රමිතියකින් යුතුව කසිප්පු නිෂ්පාදනය කර විදේශ රටවලට අපනයනය කළ හොත් එම ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට උපයා ගත හැකි…
කසිප්පු-ගංජාවල වටිනාකම මිනිස්සු දන්නේ නැහැ
කසිප්පු නිෂ්පාදනය 500%කින් වැඩි වෙලා
නිසි ප්‍රමිතියකින් යුතුව කසිප්පු නිෂ්පාදනය කර විදේශ රටවලට අපනයනය කළ හොත් එම ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට උපයා ගත හැකි ඇමරිකානු ඩොලර් ප්‍රමාණය සිතා ගැනීමට පවා නොහැකි යැයි සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය අවධාරණය කර සිටින්නීය.
කසිප්පු සහ ගංජාවල ඇති වටිනාකම ජනතාවට නොතේරෙන බවත් "Vodka" යනු රුසියාවේ කසිප්පු වන අතර "Sake" යනු ජපානයේ කසිප්පු වන බව පෙන්වා දෙන ඩයනා ගමගේ මහත්මිය රටේ බොහෝ පුද්ගලයන් මේ වන විට සිය නිවාසවලම කසිප්පු පෙරා ගෙන බොන තත්ත්වයකට පත්ව ඇතැයි ද සඳහන් කරන්නීය.
රුපියල් 3600 ක් විතර ගෙවා සාමාන්‍ය ජනතාවට මත්පැන් බෝතලයක් මිලට ගැනීමට නොහැකි නිසා ඊට විකල්පයක් හඳුන්වා දිය යුතුව ඇතැයි ද, මේ වන විට මත්පැන් මිල ඉහළ යාම හේතුවෙන් කසිප්පු නිෂ්පාදනය 500% කින් ඉහළ ගොස් ඇතැයි ද ඩයනා ගමගේ මහත්මිය වැඩි දුරටත් පෙන්වා දෙන්නීය.