කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර පිලිබඳ ගැසට් නිවේදනයක්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

(හේමන්ත තුසිත කුමාර) කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2021 අප්‍රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන්…
(හේමන්ත තුසිත කුමාර)
කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව 2021 අප්‍රේල් මස පළමුවන දිනයෙන් ආරම්භ වී 2021 සැප්තැම්බර් 30 වන දිනෙන් අවසන් වන කාලසීමාව තුළ කල්ඉකුත් වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව වසරකින් දීර්ඝ කර ඇත.
එමෙන්ම 2021 ඔක්තොම්බර් මස පළමුවැනි දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ කල් ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එහි කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06කින් දීර්ඝ කර ඇත.
දැන්වීම
එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1